11/09/2025
කතා අංක 02 : මලතං 🍲
මේ කතාව මගේ මංගල මලතං කෑම ගැන වගේම, නොදන්නා අයට මලතං කියන්නේ මොනවාද යන වග. ඉස් ඉස්සරලාම මලතමක් කන්නෙ මා ඩුබායි ඉන්නා විටදීය.
******************************************
මලතං කියන්නේ චීනයේ Sichuan ප්‍රාන්තයෙන් ආවයි කියන spicy street food එකක්. මේක ඉංග්‍රීසි වලින් කියන්නේ Malatang කියලා.
Ma - Sichuan peppercorns වලින් එන numbing taste එක
La- chili heat
Tang-soup/broth
මේ තමයි malatang කියන වචනේ තෙරුම.
🥦🥬🥕🥔🍗🍤🍥🍢🍄
මලතමක් කන්න රෙස්ටුරන්ට් එක ඇතුලට යනකොට මුලින්ම තියෙන්නේ පොඩි රාක්ක ජාතියක් මේවායේ නොයෙක් වර්ගයේ කොල ජාති, ටෝෆු , බිම්මල්, නූඩ්ල්ස් ,මස් වර්ග (හැම මසක්ම වගේ),ඉස්සෝ එහෙමත් තිබුණා.එතනින් කෑමති දේවල් ඔක්කොම වගෙ දාගන්න පුලුවන්. එයාලා පොඩි රවුම් බාජන රාක්කය ලග තියලා තියෙන්නේ .
ඊලගට අපිට කැමති ආකාරයකට මිරිස් සෝස්🌶, සුදුලුණු සොස්🧄, සීනි, ලුණු ,සෝයා සෝස් වගේ ඒවා දාගන්න පුලුවන් .තවත් මහා සෝස් කන්දරාවක් තිබුණාට නම් දන්න එකක් ඈ.😒
මා තෝරා ගත්තේ අල , කැරට්, බිම්මල් වැනි සියලුම ශාක ආහාරත් චිකන් වලින් සෑදු මස් බෝල කිහිපයක් සමග නූඩ්ල්ස් පමණයී.(අනෙකුත් මස් මංශ මට කැමති නැති බැවින්)
මේ සියලුම දේ එක් කර සුප් එකක් ඇතිව හෝ සුප් නොමැතිව වියලි ලෙසද ලබාගත හැකිය.එයින් මාහට නම් වඩාත් රස වියලි ලෙස සැකසු මලතංය.😋
මේ සියල්ලම එක් කර මලතම සාදන ලස්සන චීන අක්කාට දුන් පසු, ඇය විනාඩි දහයකින් පමන එය ලබාදෙයි. මේ වෙලාවෙදි ඔබගෙ කෑම රුචිය වැඩි කරමින් මුලුතැන්ගෙයින් මහත් සුවදක් හමයි.
🧯🚒🧨
කෑමට පටන්ගත් පලමූ කටේ සිටම ගිනිගැනීමට පටන්ගයි,එය ඒතරම්ම සැරය. මා එය මකාගත්තේ ලෙමන් 🍋අයිස් ටී වීදුරුවක් බීමෙනි.(මගේ පලමු අයිස් ටී අත්දැකීම.එයින් පසු මා හට අද වනතුරුත් අයිස් ටී බීම නතර කරගත නොහැකිය)
දෙවන තුන්වන කටත් සමගම මා එයට ඇබ්බැහි විය. ඉන්පසු මාසයකට වරක්වත් මාහට මලතං කෑම නවතාගත නොහැකිවිය.
අදටත් මගේ ආසම chinese food අතර උඩින්ම තියෙන්නේ මලතං. Spice lover කෙනෙක් නම් ඔයා කාලම බලන්න ඕනි කෑමක් තමයි මලතං 😍😋
Dushani’s Flavor Notes ✍️
゚viralシfypシ゚