හෝමාගම කතාව - Story of Homagama

හෝමාගම කතාව - Story of Homagama හෝමාගම තොරතුරු - Informations of Homagama

ඊයේ දිනයේ අපේ රටේ ජනප්‍රිය මාතෘකාවක් වූයේ නුවරඑලිය තැපැල් කන්තෝරුව සදහා වු පෞද්ගලික අයෝජනය රජය විසින් අත්හිටුවීමේ ප්‍රවෘ...
10/10/2024

ඊයේ දිනයේ අපේ රටේ ජනප්‍රිය මාතෘකාවක් වූයේ නුවරඑලිය තැපැල් කන්තෝරුව සදහා වු පෞද්ගලික අයෝජනය රජය විසින් අත්හිටුවීමේ ප්‍රවෘත්තියයි. මේ පිලිබද පක්ෂ විපක්ෂව බොහෝ දෙනෙක් අදහස් පලකර තිබුනු නමුත් වර්තමාන රජය පැත්තෙන් ගත්කල එය ඔවුන් බලය ලබාගැනීම උදෙසා උපකාරී කරගත් ප්‍රධාන තේමාවකි. එම නිසා ජනතාවට ඔවුන් ලබාදුන් අපේක්ෂාවක් එපරිද්දෙන් ඉටුකිරීම ඔවුන්ගේ කෝනයන් විවේචනය කල නොහැක.
Fullerton Building යනු සිංගප්පුරුවේ ඉතාමත් ප්‍රචලිත ගොඩනැගිල්ලකි. එය ගොඩනගනු ලැබුවේ 1928 වර්ශයේදී පමනය.ඉතාමත් කෙටි ඉතිහාසයක් හිමි සිංගප්පුරුවට එම ගොඩනැගිල්ලේ ‍ඵෙතිහාසික වටිනාකම මහමෙරක් බදුය. හරියට අපේ රටේ ලෝවාමහපාය වගේ. එකල මේ ගොඩනැගිල්ලේ පිහිටා තිබුනේ මධ්‍යම තැපැල් කන්තෝරුව, දේශිය ආදයම් බදු කාර්යාලය,වානිජ මංඩලය වැනි ප්‍රධාන ආයතනයන්ය. 2015 දී මෙම Fullerton building එක ජාතික පුරාවිද්‍යා ස්මාර්කයක් ලෙස එරට නම් කරනු ලැබුවා. අද මෙම ගොඩනැගිල්ල තරු 5 සුප්‍රසිද්ධ හෝටලයකි. (Fullerton Hotel) වර්තමානයේ සිංගප්පුරුවට එන බහුතරයක් රාජ්‍ය නායකයන්ගේ හා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන්ගේ නවානැත්පොල වන්නේ මෙම හෝටලයයි. දිනකට මෙම හෝටලයේ නවතැන්ගැනීමට අවම වශයෙන් ඩොලර් 700ක් (රු: 200000) පමන වැය කලයුතුවේ. වර්තමානයේ එම ඵෙතිහාසික ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය දරන්නේ Precious Treasure පුද්ගලික සමාගමයි.
අප රටේ නුවරඑලිය තැපැල් කාර්යාලයට ආයෝජනය කරන්න සැලසුනේ සුප්‍රසිද්ධ ටාජ් හෝටල් සමූහයයි. එයත් හරියට සිංගප්පුරුව කල වැනි ආයෝජනයකි. අපේ යාබද ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත රාජ්‍යයන් තමන්ගේ සංචාරක ප්‍රතිපත්තියන් මගින් ඵෙතිහාසික වටිනාකමකින් යුතු දේපල හෝටල බවට පරිවර්තනය කරන්න අයෝජක අවස්ථා විවර කර ඇත. තවද එම ආයෝජකයන්ට විවිධ දිරිගැන්වීම් එම රජය ලබාදේ. මේ සදහා කදිම උදාහරනයක් ලෙස ගුජරාටි ප්‍රාන්තයේ සංචාරක ප්‍රතිපත්තිය දැක්විය හැක. තවද රානි මහල් ඉන්දියාව විසින් හෝටලයකට පරිවර්තනය කරන ලද ඵෙතිහාසික වටිනාකමකින් හෙබි ගොඩනැගිල්ලකි. මේ අනුව අපට හැගෙන්නෙ අද ලෝකයේ බොහෝ රාජ්‍යයන් තම වානිජ වටිනාකමකින් හෙබි ස්ථාන වලින් විදේශ විනිමය උපයාගැනීමට ක්‍රියාකරමින් සිටින බවයි.
නුවරඑලිය තැපැල් කාර්යාල සංකීර්නය ගොඩනගනු ලැබුවේ 1894දී පමනය. දීර්ඝ ඉතිහාසයක් හෙබි අපේ රටේ ජාතික ස්මාර්කයන් අතර ගත්කල මෙම ගොඩනැගිල්ල ඉතාමත් ලදරුය. මෙතුලින් මේ ගොඩනැගිල්ල කිසිදු වටිනාකමක් නොමැත් බව දැක්වීමට අදහස් නොකරන අතර ඉතාමත් තේජාන්විත පෙනුමකින් හෙබි බ්‍රිතාන්‍ය ගෘහ නිර්මානාත්මක අාකෘතියකට (Tudor style) නිර්මානය කල ඇති මෙය නගර මධ්‍යයේ සංචාරක ආකර්ශනීය දැඩිලෙස ඇතිකරවන්නකි. 2012 සිට එහි ඉහල මාලය සංචාරක නැවතුම් පොලක් ලෙස භාවිතාකරයි. නමුත් කනගාටුවට කරුන එතුලින් කිසිම විදේශ විනිමයක් උකහා නොගැනීමයි.
2018 වර්ෂයේදී අපේ රටට මිලියන 2.5 පමන සංචාරකයන් පිරිසක් පැමිනි අතර එතුලින් ඩොලර් බිලියන 5.6ක ආදායමක් උපයාගනු ලැබීය. මෙම වසරේ පසුගිය මාසය වන විට ලක්ෂ 15කට අධික සංචාරකයන්ගේ ආකර්ශනයට බදුන්වී හමාරය. මේ අනුව ලෝකය් සංචාරක මරමස්ථානයක් ලෙස අපේ රට හදුන්වා දියහැක. නමුත් අති සුකෝපභෝගී හා පුරාවිද්‍යා වටිනාකමකින් හෙබි නවාතැන් තිබෙන්නෙ අතේ අැගිලි ගානටත් අඩු මට්ටමකිනි. මේනිසා මෙම ගොඩනැගිලි උපයෝග කරගනිමින් ඒවා සංරක්ෂනය කරමින් අපේ රටට විදේශ විනිමය උපයාගැනීමට හැකිවුවහොත් එය අපේ රටේ අදායමට ඉතා සුභදායක වනු නොඅනුමානය.

නීතිඥ රංග අබේසිංහ.

03/10/2024

අපේ රටේ අලුත් ජනාධිපතිවරයා පත්වී අදට දින 10ක් පහවී හමාරය. මෙතෙක් කල් පැවති දේශපාලන ගමන් රටාව වෙනස් කරමින් උඩු යටිකුරු වෙන ප්‍රතිඵලයක් ජනතාව ලබාදුන්නේ පැවතිය රටාව තුල අපේ රටේ බහුතර දේශපාලකයන්ගේ හැසිරීම් රටාව ජනතාව අප්‍රසන්නවී තිබීම බව පැහැදිලි කරුනකි. අලුත් ජනාධිපතිවරයා හා අලුත් රජය මේ දක්වා ගමන්කරනා අන්දම සාපේක්ෂව වෙනත් රජයන්ට වඩා පැසසිය යුත්තකි. අපි කැමති පුද්ගලයන් පාලනය කලත් නැතත් හොද දේ හොදයි කීමට අපිට ආත්ම ශක්තියක් තිබිය යුතුවේ. අද දක්වා අවම රාජ්‍ය දේපල පරිහරනය කිරීම සුභවාදී සලකුනකි. එය වත්මන් ජනපතිවරයා බලයට පත්වීමට පෙර ජනතාවට ලබාදුන් පොරොන්දුවකි. ඔහු තවත් බොහෝ දේවල් ජනතාවට පොරොන්දු විය. ඒවා අවම බස් ගාස්තු රුපියලකින් අඩු කිරීමවත් බිත්තරය රුපියල් 10 කින් අඩු කිරීමට ගත් පියවරට වඩා විශාල බලාපොරොත්තුය.

රජයක් පත්වී සතියකින් උද්දමනය සෘන අගයක් ගැනීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කරවීම කල නොහැක්කක් බව ආර්ථික විද්‍යාව දැනගැනීමට අවශ්‍ය නොවෙන අතර සාමාන්‍ය දැනීම යම් හෝ තරමක් දන්නා පුද්ගලයක් දැනගත යුතු කරුනකි. නමුත් කොටස් වෙලදපොල ශක්තිමත් වීම පවතින රජයේ ජනප්‍රියතාවය හා විශ්වාසය තුල හටගන්නා දෙයකි. අද මේ රජය පත්වී දින 10ක් ගතවෙන කොට කොටස් වෙලද පොල වර්ධනය, උද්දමනය ඍන අගයක් ගැනීම, ඩොලරය ශක්තිමත් වීම රටක් හැටියට ගත් කල ඉතා හොද ප්‍රවනතාවයකි. මෙය වසර දෙකකට පෙර බංකොලොත් වූ රටක් අද ස්ථාවර වී ගෙන ගිය ක්‍රමවෙදය ඉදිරියට යාමක් බව මට හැගේ. Imf අනුග්‍රහය තවදුරටත් තිබීම, ආර්ථික මරමස්ථාන හැසිරවූ නිලධාරින් තවදුරටත් ක්‍රියාකිරීම සුභවාදී තත්වයක් බව මගේ පෞද්ගලික හැගීමයි.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනය අපේ රටේ අනාගතය අතින් ගත් කල ඉතාමත් තීරනාත්මක කඩඉඩමකි. පාර්ලිමේන්තුව යනු අපේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුදල් බලය හිමි ආයතනයයි. පාර්ලිමේන්තුව ගන්නා තීරන තුලින් අනාගතයේ අපේ රටේ දිශානතිය තීරනය වේ. අද ලෝකයේ පවතින්නෙ දක්ෂිනාන්තයට බර ආර්ථික ක්‍රමයක් බව අපි තේරුම් ගත යුතු වේ. අද චීනය ගෙන යන්නේ එම ක්‍රමයයි. කොටින්ම කියතොත් වර්තමාන රජයේ අග්‍රාමාත්‍යවරියද දක්ෂිනනාන්තයට බර දේශපාලිකාවක්වේ.

ලෝකයේ ආර්ථික ක්‍රමවේදය තේරුම්ගත් උගත්,ප්‍රායෝගික,ඉහත පැවසූ පරිදි ජරාජීර්න නොවු පාලකයින් ගෙන් හෙබි පක්ෂ විපක්ෂ තුලනාත්මකබාවයකින් යුත් පාර්ලිමේන්තුවක් දකුනු ආසියාවේ වැඩිම සාක්ෂර මට්ටමකින් යුත් ජනතාවක් වෙසෙන අපේ රටේ ජනතාව බිහිකර ගතහොත් දකුනු ආසියාවේ අනිකුත් රාජ්‍යයන්ට මෑතදී අත්වු ඉරනම අත් නොවී ජනතාව බලාපොරොත්තු වූ වෙනසකට අපේ රට ගමන්කරවිය හැකිවේ.
ඔබට ජය!!!!!!!

නීතිඥ රංග අබේසිංහ

Address

Colombo, Western
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when හෝමාගම කතාව - Story of Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category