24/11/2024
නිලන්තී වීරසේකර ශ්‍රී ලාංකේය කලාවේ නව පරිච්ඡේදයක් ලියන සමකාලීන කලාකාරිනියකි. ලාංකේය කලාව තුළ ස්ත්‍රීත්වයේ සාම්ප්‍රදායික නිරූපණයන්ට අභියෝග කරන ඇය කාන්තා අනන්‍යතාවය පිළිබද සූක්ෂම සහ බලගැන්වීමේ කවුළුවක් නිර්මාණය කරයි."වියන ලද ගැහැණිය"නැමති සිතුවම් මාලාව හරහා කලාවට පැමිණෙන වීරසේකර ස්ත්‍රීවාදී කතිකාවන් ජේදනය වීම පිළිබද ඉදිරි දර්ශනයක් සපයයි. කාන්තාවන්ගේ අලංකාරය සහ චමත්කාරය නිර්මාණය කිරීම සදහා භාවිතා කරන සාම්ප්‍රදායික උපකරණ සහ අංගයන් මගහැර විකෘති රේඛා,වර්ණ මාලාව සහ වියුක්ත සංයුතීන් සමඟ ප්‍රතිස්ථාපනය කර ඇති බවත් ඉතින් පිරිමි විඥානය තුළ ස්ත්‍රීයගේ ප්‍රතිරූපය විසංයෝජනය කිරීම සහ කාන්තාව තුළ ඇති වේදනාව,ප්‍රචණ්ඩත්වය සහ තාඩන පීඩන මතු කිරීම සිතුවම් හරහා සිදු කර ඇත.
රතු, කහ, නිල්, කළු, සුදු වැනි වර්ණ යොදාගෙන වේගවත් පින්සල් පහරවල් හරහා සංකීර්ණ මුසු කිරීමක් තුළින් මතු කරන රේඛා සහ ඛණ්ඩනය වූ ආකෘති භාවිතය ස්ත්‍රී අනන්‍යතාවයේ බහුවිධ ස්වභාවය පිළිබිඹු කරමින් චලනය සහ සංකීර්ණත්වය යෝජනා කරයි.
සීගිරි චිත්‍ර වල රේඛාව සහ ඇමරිකානු සම්බන්ධ චිත්‍ර ශිල්පී Arshile Gorky ගෙ චිත්‍ර ශෛලිය තුළින් වීරසේකරගේ පින්සල් පහර හා ප්‍රකාශන තානයට ආභාසය ගෙන ඇත.මේ හරහා ගොඩනැගෙන වියුක්ත ආකෘති කාන්තාවන්ගේ භූමිකාවන් සහ අත්දැකිම් වල ද්‍රවශීලතාවය සහ විවිධත්වය පිළිබද විවරණයක් ලෙස අර්ථ දැක්විය හැකිය.
ආලෝකයේ සහ සෙවනැල්ලේ අන්තර් ක්‍රියාකාරිත්වයට ගැඹුර එකතු කරමින් ආතතිය සහ ප්‍රතිවිරුද්ධ හැඟිම් ඇති කරයි.මේ හරහා කාන්තාවන් මුහුණ දෙන සමාජ පීඩනයන් සහ අපේක්ෂාවන් මෙන්ම ඔවුන්ගේ අභ්‍යන්තර ශක්තිය සහ පෞද්ගලිකත්වය නියෝජනය කරනු ලබයි.
සමස්තයක් ලෙස වීරසේකරගේ කලා භාවිතාව වියුක්තකරණය හරහා දුෂ්කරතා මැද පීඩා විදින කාන්තාවගේ සාරය නිරූපණය කරයි.මෙය සාම්ප්‍රදායික නිරූපණ වලට අභියෝග කරමින් චිත්තවේගීය මට්ටමකින් කලාව සමඟ සම්බන්ද වීමට නරඹන්නන්ට ආරාධනා කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව පෙනේ.
Nilanthi Weerasekara
✍️ හිරුනි ජයවර්ධන
හිරුනි ජයවර්ධන
Following Hiru Art Hiruni Yashoda Jayawardhana