13/05/2026
Hello!! ඔයාල හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා👀
ගොඩක් කාලෙකින් post එකක් share කරන්නවත් drawing එකක් කරන්නවත් ලොකුවට වෙලාවක් තිබුනේ නෑ. දැනට මම ජපානෙ uni එකක මගේ degree එක complete කරන ගමන්, කැම්පස් එකේ art club එකකටත් බැදුනා. ලොකුවට ඒකෙ වැඩ වලටත් යන්න උනේ නෑ ඇත්තටම🙁
ළගදි මගේ අක්කා එක්ක කතා කර කර ඉද්දි එයාගෙ යෝජනාවක් එක්ක, මමත් ටිකක් කල්පනා කරලා හිතුවා ආයෙම මේ page එකෙන් ඔයාලට වටින කියන දේවල් ටිකක් share කරන්න. Drawings, painting, portrait වගේම මම හිතුවා ජපානේ artist කෙනෙක්ගෙ ඇසින් මොනවගේද, කොච්චර ලස්සන රටක්ද කියල පෙන්නන්න😉
මම තාම drawing කරන විදි, techniques ඉගෙන ගන්නවා, ඒත් මම තනියම ඉගෙනගත්ත හැම දෙයක්ම ගුරු මුෂ්ටියක් නැතුව ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා🙌🏾
ඔයාලට දැනගන්න ඕන ඕනම දෙයක් ඕනම වෙලාවක අහන්න😸
ඉතින් හැමෝම ආයෙමත් සාදරයෙන් පිළිගන්නවා💝