World of Wildlife Artists

World of Wildlife Artists Let's talk about wildlife art

17 වන සියවසේ ජීවත් වුණ සුවිශේෂී චිත්‍ර ශිල්පිනියක් තමයි Maria Sibylla Merian කියන්නෙ. චිත්‍ර ශිල්පිනියක්, විද්‍යාඥවරියක්...
27/04/2026

17 වන සියවසේ ජීවත් වුණ සුවිශේෂී චිත්‍ර ශිල්පිනියක් තමයි Maria Sibylla Merian කියන්නෙ. චිත්‍ර ශිල්පිනියක්, විද්‍යාඥවරියක්, ශාක සහ සත්ත්ව ගවේෂිකාවක් විදියටත් Maria Sibylla හඳුන්වන්න පුළුවන්. 1647 අප්‍රේල් 2 වනදා ජර්මනියේ Frankfurt නගරයේ උපත ලද Maria, මුලින්ම චිත්‍ර ශිල්පිනියක් ලෙස වෘත්තිය ආරම්භ කළා. නමුත් ඇය වඩාත්ම කැමති වූයේ කෘමීන්ගේ සහ මල් පැලෑටි සිතුවම් කරන්න.

මාරියා විශේෂ වෙන්නෙ කෘමීන් හා සමනලුන් පිළිබද අධ්‍යයනය කරමින් සිතුවම් නිර්මාණය කළ පැරණිම චිත්‍ර ශිල්පිනියක් වීම හේතුවෙන්. ඇය කෘමීන්ගේ පරිවර්තන (metamorphosis) පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළා. දළඹුවෙක් කූඩුවක් හදාගෙන සමනලයෙක් වන ආකාරය ඇය ඇස් දෙකින් දැකලා, ඒ පිළිබද අධ්‍යයනය සමඟ එම අවස්ථාවන් ඉතා නිවැරදිව චිත්‍රයට නැගුවා. මාරියා, 1705 දී එළිදැක්වූ “Metamorphosis Insectorum Surinamensium” කෘතිය අදටත් විද්‍යා ලෝකයේ අගනා කෘතියක්. ඒ වගේම 1680 දී එළිදැක්වූ “Neues Blumenbuch” කෘතියෙන් ඇය ශාක සහ මල්වල විවිධත්වය විද්‍යාත්මකව සහ නිවැරදිව ඉදිරිපත් කර තිබෙනවා.

ඇය 1717 ජනවාරි 13 වන දා නෙදර්ලන්තයේ Amsterdam නගරයේදී ඇය සිය දිවියෙන් සමුගන්නවා. ඇය ජීවත් වූ කාලය තුළ නිර්මාණය කළ සිතුවම්වලින් කිහිපයක් තමයි මේ.. දැනට මේ සිතුවම් අවුරුදු 300කටත් වඩා පැරණි නිර්මාණ විදියට හඳුන්වන්න පුළුවන්.


මාලු අඳින්න ඉතාම දක්ෂ ආර්ටිස්ට් කෙනෙක් තමා Craig Bertram Smith කියන්නෙ. වතුර යට ඉන්න මාලුන්ගෙ ක්‍රියාකාරී ඉරියව් එක්ක වත...
26/11/2025

මාලු අඳින්න ඉතාම දක්ෂ ආර්ටිස්ට් කෙනෙක් තමා Craig Bertram Smith කියන්නෙ. වතුර යට ඉන්න මාලුන්ගෙ ක්‍රියාකාරී ඉරියව් එක්ක වතුර යට පරිසරය ඉතාමත් තාත්වික ව Craig තම සිතුවම් තුළ නිර්මාණය කරනවා. මේ තියෙන්නෙ Craig නිර්මාණය කළ සිතුවම් කිහිපයක්.

Kathleen E. Dunn කියන්නෙ SCRATCH BOARD Artist කෙනෙක්. මේ ඔක්කොම Scratchboard Drawing. Scratchboard ගැන සහ කොහොමද Scratch...
25/11/2025

Kathleen E. Dunn කියන්නෙ SCRATCH BOARD Artist කෙනෙක්. මේ ඔක්කොම Scratchboard Drawing. Scratchboard ගැන සහ කොහොමද Scratchboard Drawing කරන්නෙ කියලා මම මීට කලින් කියලා ඇති.

මේ චිත්‍ර ටික ගත්තෙ Artists For Conservation වෙබ්සයිට් එකෙන්. Wildlife Art සහ ආර්ටිස්ට්ලා ගොඩක් ගැන මේ වෙබ් එකෙන් තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම ආර්ටිස්ට් කෙනෙක් කොහොමද පරිසර සංරක්ෂණය සඳහා දායක වෙන්නෙ කොහොමද කියන එක ගැනත් Wildlife Art Competition ගැනත් වෙබ් එකෙන් තොරතුරු දැනගන්න පුළුවන්.

ලංකාව තුළ වනජීවී චිත්‍ර කලාවෙහි නිරතවන වෘත්තීය ශිල්පීන් බොහොම සුලු ප්‍රමාණයක් පමණයි සිටින්නෙ. එයිනුත් ප්‍රවීණ චිත්‍ර ශිල...
16/11/2025

ලංකාව තුළ වනජීවී චිත්‍ර කලාවෙහි නිරතවන වෘත්තීය ශිල්පීන් බොහොම සුලු ප්‍රමාණයක් පමණයි සිටින්නෙ. එයිනුත් ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් හය දෙනෙක් එකතුවෙලා කළ ප්‍රදර්ශනයක් තමා "UNTAMED" කියන්නෙ. ප්‍රදර්ශනය බොහොම සාර්ථක ව දින තුනක් පුරා ලයනල් වෙන්ඩ්ට් කලාගාරය තුළ පැවැත්වුනා. මීට කලින් අපි ප්‍රදර්ශනයේ චිත්‍ර සහ චිත්‍ර ශිල්පීන් ගැන කතා කලා. මේ චිත්‍ර ප්‍රදර්ශනය තුළ ප්‍රදර්ශනය කළ විශේෂ සිතුවම් කිහිපයක්.

Johan de crem, ප්‍රංශ ජාතික වනජීවී චිත්‍ර ශිල්පියෙක්. මෙයාගෙ චිත්‍ර බොහොමයක් තුළ නිර්මාණය වෙලා තියෙන්නෙ කුරුල්ලො. ඒ හින්...
15/11/2025

Johan de crem, ප්‍රංශ ජාතික වනජීවී චිත්‍ර ශිල්පියෙක්. මෙයාගෙ චිත්‍ර බොහොමයක් තුළ නිර්මාණය වෙලා තියෙන්නෙ කුරුල්ලො. ඒ හින්දා Bird Artist කෙනෙක් කියලත් කියන්න පුළුවන්. ජොහාන්ගෙ චිත්‍ර ඉතාම තාත්විකව තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ නිසා කුරුලු රූපවල සහ චිත්‍ර තුළ දකින්න ලැබෙන සොබාවික පරිසරය ඉතාම සියුම් තොරතුරු සහිතව නිර්මාණය කරලා තියනවා. මාධ්‍ය විදියට භාවිත කරන්නෙ ඇක්‍රලික්. ඒත් පැන්සල් භාවිත කරලත් චිත්‍ර නිර්මාණය කරලා තිබෙනවා. මුද්දර නිර්මාණ ශිල්පියෙක් විදියට ද Johan හඳුන්වන්න පුළුවන්. ඔහු නිර්මාණය කරපු මුද්දර වලද ඇතුළත් වූයේ වනජීවීන් හා කුරුල්ලන්.

© Johan de Crem - wildlife artist

ලංකාවේ ප්‍රවීණ වනජීවී චිත්‍ර ශිල්පීන් හයදෙනෙක් එකතුවෙලා ඉදිරිපත් කරන Wildlife Art Exhibition එකක් ගැන කියන්න තමා මේ හදන්...
13/11/2025

ලංකාවේ ප්‍රවීණ වනජීවී චිත්‍ර ශිල්පීන් හයදෙනෙක් එකතුවෙලා ඉදිරිපත් කරන Wildlife Art Exhibition එකක් ගැන කියන්න තමා මේ හදන්නෙ..

එක්ශිබිශන් එක නම් කරලා තියෙන්නෙ "Untamed" නමින්.
නොවැම්බර් 14 සිට 16 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී තමයි බලන්න පුළුවන් වෙන්නෙ.

🔸ජයන්ත ජිනසේන
🔸ලෙස්ටර් පෙරේරා
🔸ප්‍රසන්න වීරක්කොඩි
🔸වසන්ත පෙරේරා
🔸විශී ධර්මසිරිවර්ධන
🔸සසිත වීරසිංහ, යන වනජීවී චිත්‍ර ශිල්පීන් තමයි මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නෙ.

ලංකාවෙ දකින්න පුළුවන් විවිධ වනජීවීන්, කුරුල්ලන්, සර්පයින් වගේම මාළු සහ මුහුදු ජීවීන් ද මේ වනජීවී චිත්‍ර තුළ දකින්න පුළුවන්. ඒ වගේම විවිධ මාධ්‍ය ඔස්සේ ද මේ නිර්මාණ කරලා තියනවා. දියසායම්, තෙල්සායම් සහ ඇක්‍රලික් මාධ්‍ය සිතුවම් ප්‍රධාන වශයෙන් ප්‍රදර්ශනයේ දි දකින්න පුළුවන්.

සමහර ආර්ටිස්ට්ලා ගැන මීට කලින් මේ පේජ් එකෙන් තොරතුරු සඳහන් කරලා තියනවා. ලංකාව තුළ වෘත්තීය වනජීවී චිත්‍ර ශිල්පීන් ඉතාමත් සුලු ප්‍රමාණයක් තමයි නිර්මාණ කටයුතු කරගෙන යන්නෙ. ඒ නිසා සොබාදහම සහ වනජීවී සිතුවම් රසවිඳින හැමෝටම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් විදියට මේ චිත්‍ර ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්. එක්ශිබිශන් එකේදි චිත්‍ර ශිල්පීන් ඇඳි චිත්‍ර මාධ්‍ය සහ ශෛලීන් අනුවත් විවිධත්වයක් දකින්න පුළුවන්. ඒ වගේම එක් එක ශිල්පීන්ට ආවේණික වූ ශිල්පක්‍රම සහ වනජීවීන් අනුවත් සිතුවම් වර්ග කරන්න පුළුවන්. මේ හැමදේම බලන්න වගේම වනජීවී චිත්‍ර ගැන ඉගෙනගන්නත් පුළුවන් මේ චිත්‍ර ප්‍රදර්ශනයේ දී.

පහළ තියෙන්නෙ ප්‍රදර්ශනයේ දි දැකගත හැකි චිත්‍ර කිහිපයක්.

ලංකාවෙ තවත් ප්‍රවීණ වනජීවී චිත්‍ර ශිල්පියෙකු වූ සසිත වීරසිංහ නිර්මාණය කළ සිතුවම් කිහිපයක් මේ.සසිත බොහොමයක් වනජීවි චිත්‍ර...
11/11/2025

ලංකාවෙ තවත් ප්‍රවීණ වනජීවී චිත්‍ර ශිල්පියෙකු වූ සසිත වීරසිංහ නිර්මාණය කළ සිතුවම් කිහිපයක් මේ.

සසිත බොහොමයක් වනජීවි චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නෙ දියසායම් මාධ්‍ය භාවිතයෙන් (Transparent Watercolors). ඒ තුළින් ඔහු ඔහුටම ආවේණික ශෛලියක් ගොඩනගාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු දියසායම් මාධ්‍යයට අමතරව තෙල්සායම්, ඇක්‍රලික්, පැස්ටල් සහ චාකෝල් වැනි මාධ්‍ය භාවිතයෙන් ද සිතුවම් නිර්මාණය කර තිබෙනවා. සසිත වනජීවි චිත්‍ර ශිල්පියෙකු ලෙස පළමු චිත්‍ර ප්‍රදර්ශනය පවත්වා තිබෙන්නෙ 2010 වසරේ දි.

නොවැම්බර් 14 සිට 16 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ප්‍රදර්ශනය වන "Untamed" වනජීවි චිත්‍ර ප්‍රදර්ශනයේ දී සසිත වීරසිංහ නිර්මාණය කළ සිතුවම් ද ඉදිරිපත් කර තිබෙනවා.

සසිත වීරසිංහ සහ Untamed Wildlife Art Exhibition එක ගැන තොරතුරු පහළ පේජ් එකෙන් දැනගන්න පුළුවන්.

Sasitha Weerasinghe

මේ සතියේ බලන්න පුළුවන් තවත් Wildlife Art Exhibition එකක් ගැන කියන්න හදන්නෙ. ලංකාවේ ප්‍රවීණ වනජීවි චිත්‍ර ශිල්පීන් හය දෙන...
10/11/2025

මේ සතියේ බලන්න පුළුවන් තවත් Wildlife Art Exhibition එකක් ගැන කියන්න හදන්නෙ. ලංකාවේ ප්‍රවීණ වනජීවි චිත්‍ර ශිල්පීන් හය දෙනෙක් එකතුවෙලා තමයි මේ ප්‍රදර්ශනය පවත්වන්නෙ. නොවැම්බර් 14 සිට 16 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ප්‍රදර්ශනය බලන්න පුළුවන්. අපි මීට කලින් මේ පේජ් එකෙන් කතාකළ චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙක්ගෙම සිතුවම් මේ ප්‍රදර්ශනයේදී බලන්න පුළුවන්. ප්‍රදර්ශනය නම් කරලා තියෙන්නෙ "Untamed" නමින්. ලංකාවෙ වන ජීවිතය, කුරුල්ලන්, වනජීවීන් සහ මුහුදු ජීවීන් ද මේ චිත්‍ර ප්‍රදර්ශනයේ සිතුවම් තුළ දකින්න පුළුවන්.

අපි ලංකාවෙ වනජීවී චිත්‍ර ශිල්පීන් ගැන කතාකරද්දි ජයන්ත ජිනසේන මහතා ගැන කිහිප වතාවක්ම තොරතුරු ඉදිරිපත් කරලා තියනවා. මේ වනජීවී චිත්‍ර ප්‍රදර්ශනය තුළින් සිතුවම් දැකගත හැකි ප්‍රමුඛතම සහ ප්‍රවීණතම චිත්‍ර ශිල්පියෙක් තමා ජයන්ත ජිනසේන කියන්නෙ. මීට කලින් අපි ඔහුගේ සර්පයින් ඇඳි සිතුවම් ගැන කතාකරලා තියනවා. මේ චිත්‍ර ප්‍රදර්ශනයේදීත් ජිනසේන මහතා නිර්මාණය කළ කුරුලු සිතුවම් සමග වනජීවි චිත්‍ර බොහොමයක් දැකගන්න පුළුවන්. මේ ඒ සිතුවම්වලින් කිහිපයක්. ඉදිරියේදි ප්‍රදර්ශනයේ අනෙකුත් චිත්‍ර ශිල්පීන් ගැනත් කතාකරමු. පහළ පේජ් එකෙන් තවත් විස්තර දැනගන්න පුළුවන්.

Nature illustrations by Jayantha Jinasena

ලංකාවෙ වනජීවී චිත්‍ර කලාව තුළ ප්‍රවීණතම චිත්‍ර ශිල්පියෙක් තමයි ගාමිණී රත්නවීර කියලා කියන්නෙ. ගාමිණී රත්නවීර වඩාත් ප්‍රසි...
08/11/2025

ලංකාවෙ වනජීවී චිත්‍ර කලාව තුළ ප්‍රවීණතම චිත්‍ර ශිල්පියෙක් තමයි ගාමිණී රත්නවීර කියලා කියන්නෙ. ගාමිණී රත්නවීර වඩාත් ප්‍රසිද්ධ කුරුලු සිතුවම් නිර්මාණය කළ චිත්‍ර ශිල්පියෙක් විදියට. ඒ වගේම කුරුලු රූ සහිත මුද්දර නිර්මාණ ශිල්පියෙක් විදියට ද ගාමිණී රත්නවීර හඳුන්වන්න පුළුවන්.

බොහෝ කාලයකට පසුව ඔහු නිර්මාණය කළ නිර්මාණ එකතුවක් වනජීවී චිත්‍ර ප්‍රදර්ශනයක් විදියට මේ දවස්වල බලන්න පුළුවන්. මීට පෙර ඔහු ලංකාව තුළ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වා තිබෙන්නෙ මීට අවුරුදු 40කට පමණ පෙර. මේ ඔහුගේ ලංකාව තුළ පවත්වන ලංකාව තුළ පවත්වන හතරවන වනජීවී චිත්‍ර ප්‍රදර්ශනය. මේ එක්ශිබිශන් එක නම් කරලා තියෙන්නෙ "Brushes With Nature" නමින්. මේ චිත්‍ර ප්‍රදර්ශනයේ දී ගාමිණී රත්නවීර නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ වනජීවී සහ කුරුලු සිතුවම් 60 ක් පමණ ප්‍රදර්ශනය කර තිබෙනවා. මාධ්‍ය විදියට ඇක්‍රලික් සහ තෙල් සායම් භාවිතයෙන් ඇඳි සුවිශේෂී සිතුවම් මෙහිදී දැකගන්න පුළුවන්. චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙ කොළඹ හැරල්ඩ් පීරිස් ගැලරි එකේ දි.

අද සහ හෙට පමණක් චිත්‍ර ප්‍රදර්ශනය බලන්න පුළුවන්. වනජීවී චිත්‍ර කලාව ඉගෙනගන්න සහ රසවිඳින්න කැමති ඔබ සැමට මේ එක්ශිබිශන් එක විශේෂ අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්. පහළ පේජ් එකෙන් වැඩි විස්තර දැනගන්න.

Hidden Forest Art Gallery

ශ්‍රී ලංකා තරැණ සත්තවවේදින්ගේ සංගමය (YZA) මඟින් වාර්ෂිකව පවත්වනු ලබන Kin Wild & Young Eye on Nature වනජීවී චිත්‍ර සහ වනජ...
17/10/2025

ශ්‍රී ලංකා තරැණ සත්තවවේදින්ගේ සංගමය (YZA) මඟින් වාර්ෂිකව පවත්වනු ලබන Kin Wild & Young Eye on Nature වනජීවී චිත්‍ර සහ වනජීවී ඡායාරුප ප්‍රදර්ශනය මේ අවුරැද්දෙත් ඔයාලට බලන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා.

තියෙන්නේ සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ J.D.A Perera Gallery එකේ.

දවස් තමයි ඔක්තෝබර් මාසයේ ඒ කියන්නෙ මේ මාසේ 24, 25 සහ 26 දවස් තුන.

24 වෙනිදා උදේ 11.30 සිට ඔයාලා හැමෝටම අවස්ථාව තියෙනවා ඇවිල්ලා ඉතාම හොඳ මට්ටමේ වනජීවී චිත්‍ර සහ ජායාරූප ප්‍රදර්ශනයක් රස විදින්න. ඒ වගේම 25 සහ 26 කියන දවස් දෙකේ උදේ 9 ඉදලා විවෘතයි.

මේ දවස් තුනේම හවස 6 වෙනකන්ම කැමති ඕනිම කෙනෙකුට මේ ප්‍රදර්ශනය බලන්න අවස්ථාව තියෙනවා වගේම මේක සම්පුර්ණයෙන්ම නොමිලේ පවත්වන ප්‍රදර්ශනයක්.

මේ පහළ පොටෝවල තියෙන්නෙ Kin Wild wildlife Art Exhibition එකේදි බලන්න පුළුවන් චිත්‍ර කිහිපයක්.

Text © Parami Vidyarathna

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when World of Wildlife Artists posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category