𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩

𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩 "ඔයා කොහෙ හිටියත් කමක් නෑ, කියවන්න මම ලියන්නෙ ඔයාට! ආදරේ කියන්නෙ කිසිදා නොමැකෙන බලාපොරොත්තුවක් �

" ❤️‍🩹 ✍🏻...

In shen 🤍🪽 11:11 ✨

එයාගෙන් අහලා බලන්න 🥺"වෙච්ච දේවල් අමතක කරලා, අපිට බැරිද ආයෙ අපේ වෙන්න"තරහා යන වෙලාවට මිනිස්සු මොන දේවල් කිවත්,ඇත්තටම ආදරේ...
07/11/2025

එයාගෙන් අහලා බලන්න 🥺

"වෙච්ච දේවල් අමතක කරලා, අපිට බැරිද ආයෙ අපේ වෙන්න"

තරහා යන වෙලාවට මිනිස්සු මොන දේවල් කිවත්,
ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට බෑ දුරස් වෙලා ඉන්න.

දන්නවද ,
ආදරේ කරපු මනුස්සයෙක් අමතක කරන එක
කියනවා වගේ ලේසි නෑ.
ඒ මතකයන් අතුගාලා දාන එක ලේසි නෑ.

හිත රිදවිම්, සිමාව ඉක්මවා යෑම් ඇති වෙනකොට
ඕන මනුස්සයෙක් කියනවා
හැමදාම මේ මගුල කරන්න බෑ,
තමුසේට කැමති දෙයක් කරගන්නවා කියලා..

දන්නවද,
එහෙම කිව්වට ඊලග තප්පරේ එයා හොයන්නෙ
ඒ හිත රිද්දවපු ආදරේමයි...
ආදරේ කියන්නෙ එකට තමයි..
වේදනාව, දරාගැනිම, කැපවීම්, කැපකිරීම වගේ දේවල්
අඩංගුවෙලා තියන බෙහෙතක්..

ඉතින් ඒ බෙහෙතෙන් මනුස්සයෙක්ගෙ ජිවිතේ
නැති කරන්නත් පුලුවන්, ඇති කරන්නත් පුලුවන්..
ඒකනේ ආදරේ කරන මිනිස්සු
කොච්චර රන්ඩු සරුවල් කරගත්තත් එකට ඉන්නෙ..

මොකද උන්ට බෑ තමන් ආදරේ කරන මනුස්සයා
දාලා ගිහින් වෙන එකෙක් එක්ක
හිත හදාගෙන ජිවත්වෙන්න.
ඇත්තටම තමන්ට ආදරේ කරපු,
තමන් වෙනුවෙන් ජිවත්වෙච්ච මනුස්සයෙක්
ජිවිතෙන් අයින් කරන්න බෑ..

මමනම් කියන්නෙ
එහෙම ආදරේ කරන දෙන්නෙකුට
පුලුවන් වෙන්න ඕන,
එන හැම අභියෝගකටම මුහුණ දෙන්න.
විසඳගන්න බැරි ප්‍රශ්න කතා කරලා විසදගන්න.

ආදරේදි පුංචි පුංචි රණ්ඩු ඇතිවෙනවා.
එක සාමාන්‍යයි..

මොකද, කියමනක් තියනවනේ
රන්ඩු නැති ජිවිතේ හරියට
පරිප්පු නැති හොටලේ වගේ කියලා..
ඒක නිසා ම/රාගෙන හරි කමක් නෑ
ආදරේ කරන අය එකතුවෙන්න ඕන...

ඒ දැනිච්ච ආදරේ විදින්න ඕන.
කාලයා එක්ක මේ හැමදේම විසඳිලා
සතුටින් ඉන්න ලැබෙන්න ඕන...

වචන වල රැඳෙන ආදරේට වඩා
හදවතේ රැඳුන ආදරේ විශ්වාස කරන්න..! ❤️‍🩹

උපුටා ගැනීමකී.

එක්ව ඇවිද යාම සැබැවින්ම හදුනන්නේ ඉතා ස්වල්ප පිරිසක් පමණී. පුංචි ඉවසීමක්, සරල ඇදුමක්, සොබාදහම දැකීමට හොද ඇසක්, කුඩා හාස්‍...
24/10/2025

එක්ව ඇවිද යාම සැබැවින්ම හදුනන්නේ ඉතා ස්වල්ප පිරිසක් පමණී.

පුංචි ඉවසීමක්, සරල ඇදුමක්, සොබාදහම දැකීමට හොද ඇසක්, කුඩා හාස්‍යයක්, විශාල කුතුහලයක්, හරවත් සංවාදයක්, අව්‍යාජ සිනහවක් සහ සියුම් නිශ්ශබ්දතාවයක් පමණක් ඊට සුදුසුකම් ලෙස ප්‍රමාණවත්ය.

- රැල්ෆ් වෝල්ඩෝ එමර්සන්

ඔයා හිටිය නම් අපි දෙන්න..🩷
22/09/2025

ඔයා හිටිය නම් අපි දෙන්න..🩷

22/09/2025

ඔයාව මුහුද මැද අතඇරලා ගියපු කාටවත්,
ඔයා මෝරුන් එක්ක සටන් කරපු විදියත්,
ඔයා නැවත වෙරළට ආපු විදියවත් දැනගන්න කිසිම අයිතියක් නෑ..

"සමාන ආත්මයන් සහිත මිනිසුන්'එකිනෙකා ආකර්ෂණය විය යුතුමය. !" 🤍🌻
22/09/2025

"සමාන ආත්මයන් සහිත මිනිසුන්'
එකිනෙකා ආකර්ෂණය විය යුතුමය. !" 🤍🌻

පැමිණ හැරගිය මිනිසුන් මෙන්ම නොපැමිණ නතර උනු මිනිසුන් ගැන කතාකිරීම නිශ්ඵලයැයි සිතමිරැගෙන පැමිනිකිසිත් නැති' තිබූ සතුටරැගෙ...
01/09/2025

පැමිණ හැරගිය මිනිසුන් මෙන්ම නොපැමිණ නතර උනු මිනිසුන් ගැන කතාකිරීම නිශ්ඵලයැයි සිතමි

රැගෙන පැමිනිකිසිත් නැති' තිබූ සතුටරැගෙන ගිය මිනිසුන් පිලිබදව කතාකිරීමද නිශ්ඵලයැයි සිතමි

රැදෙන්නා සේ පෙන්වා' රැදී නොරැදී නික්මගිය මිනිසුන්ද වැදගත් නොවෙති.

නොපැමිණියත් නොකීවත් අවැසි මොහොතේ වචනෙකින් හෝ හදවත සුවපත් කරන්නවුන් දැඩිව විශ්වාස කරමි.

එවන් මිනිසුන් හමුවේවා. 🍃🤍

- රූ සි Page

මතකද ඒ කාලේ.🤔ඒ කාලෙ අපි උන්නු සල් ගහම යට දීඅද ලියමි කවි පෙළක් මතක සිහි වෙද් දීඅමර නුඹ තනි වෙලා යැයි කියන විට දීසල් මලක් ...
30/08/2025

මතකද ඒ කාලේ.🤔

ඒ කාලෙ අපි උන්නු සල් ගහම යට දී
අද ලියමි කවි පෙළක් මතක සිහි වෙද් දී
අමර නුඹ තනි වෙලා යැයි කියන විට දී
සල් මලක් දෙස බලා ඇඩුණා එම විට දී

ලියන විට නුඹේ නම අත රවුම් කරලා
පහ වසරෙ පොත මදෙස හිනැහිලා බැලුවා
නයනා මගෙ මිතුරි යැයි සැමහටම කියලා
ඒ කාලෙ සිටම මම හීන පොඳි බැන්දා

මැද පිටුව දෙකට ඉර කවි පේළි ලිවුවා
අට වසරෙ ඉද්දි නුඹ ලස්සනට පෙනුණා
පාඩමක් මැද්දෙ මම හොරැහින්ම බැලුවා
මගෙ මිතුරියේ මෙ⁣මා නුඹට පෙම් බැන්දා

ලං වෙද්දි හිත තුළට පොඩි බියක් දැනුණා
නුඹව මට නැති වෙයි ද හිත යළිත් කියුවා
හිතට නොව නුඹට මම හොඳින් කන් දුන්නා
අන්තිමෙදි නුඹම මගෙ හිත දෙකට පැළුවා

ලියමි මම නුඹේ නම උසම සල් අත්තේ
හිඳිමි නුඹෙ මතකයන් තවත් පොඳි අස්සේ
බැරි වුනත් තුරුළු කර සිප ගන්න මිතුරේ
ආදරෙයි නුඹට මම යළි එදා වාගේ

✍️මියුලැස් අත්තනායක

22/08/2025

ලොකු ලොකු හීන නෑ මේ ගානට පොහොසත් උනා නම් ඇති 🥹❤️

තමන්ගෙ වටිනාකම් අනිත් මිනිස්සුන්ට බල කරලා පෙන්නන්න යන්න එපා.🤍✨️ඔයා කොහොම මනුස්සයෙක් ද කියලා ඔප්පු කරන්න මහන්සි වෙන්න එපා...
13/08/2025

තමන්ගෙ වටිනාකම් අනිත් මිනිස්සුන්ට බල කරලා පෙන්නන්න යන්න එපා.🤍✨️

ඔයා කොහොම මනුස්සයෙක් ද කියලා ඔප්පු කරන්න මහන්සි වෙන්න එපා.

ඔයාගෙ හොදකම බලෙන් පෙන්නන්න යන්න එපා.

ඔයා කොච්චර ආදරණීය මනුස්සයෙක්ද කියලා වචනෙන් කියලා දෙන්න යන්න එපා.

දැනෙන්න ඕන හැගීම් වචනෙන් කියවලා අයිති නැති තැන් වල අයිතියක් හොයන්න එපා.

ඔයාගෙ සංවේදීකම තේරුම් නොගන්න මිනිස්සු ඉස්සරහ ඒ හැගීම් බාල්දු වෙන්න දෙන්න එපා.

අපිව වැරදි විදියට දකින මිනිස්සු ඉස්සරහ වැද වැටීගෙන වැරදි නිවැරදි කරන්න උත්සහ කරන්න එපා.

ඔව්. දේවල් අමාරුවෙන් අල්ල ගන්න උත්සහ කරන්න එපා.

මොකද, දැනෙන්න ඕන දේවල් බලෙන් දනවල වැඩක් නෑ...

සමුදි ජයසිංහ ✍️

Still remember this ! ❤
13/08/2025

Still remember this ! ❤

Address

Bambalapitiya

Telephone

+14844760232

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to 𝙁𝙤𝙧𝙜𝙚𝙩 𝙢𝙚 𝙣𝙤𝙩:

Share

Category