27/08/2026
It Can Be Copied, But It Can Never Be Equal
කොපි කෙරුවට සම කළ නොහැක
The Historic Royal Mask Collection of the Tukka Wadu Family ටුක්කා වඩු පරම්පරාවේ ඓතිහාසික රජ මුහුණු කට්ටල
For the performance of Kolam Drama, the Tukka Wadu family created several exceptionally large and magnificently crafted sets of Royal Masks. Among these, the masks of King Maha Sammata and Queen Manikpala, the principal characters of the Kolam tradition, hold a place of exceptional significance.
කෝලම් නාට්ය කලාව සඳහා ටුක්කා වඩු පරම්පරාව විසින් ඉතා විශාල වූ, අලංකාරයෙන් හා කලාත්මක නිමාවෙන් යුත් රජ මුහුණු කට්ටල කිහිපයක් නිර්මාණය කරන ලදී. මෙහිදී, කෝලම් නාට්ය කලාවේ ප්රධානතම චරිත වන මහා සම්මත රජතුමාගේ සහ මැණික්පාල දේවියගේ වෙස් මුහුණු සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී.
Among these remarkable masks, the mask of King Maha Sammata stands at more than four and a half feet in height. The creation of such enormous, wearable masks represents an extraordinary achievement in craftsmanship and a unique technical mastery demonstrated by the Tukka Wadu family for the first time in history.
මෙම වෙස් මුහුණු අතරින් මහා සම්මත රජ මුහුණ උසින් අඩි හතරහමාරකට (4½) වඩා වැඩි වන අතර, ඉතිහාසයේ පළමු වරට මෙවැනි දැවැන්ත, පැළඳිය හැකි වෙස් මුහුණු නිර්මාණය කිරීමේ සුවිශේෂී ශිල්පීය හැකියාව ටුක්කා වඩු පරම්පරාව විසින් ප්රදර්ශනය කර ඇත.
The creation of these monumental wearable masks required an exceptional combination of technical knowledge in architectural design and traditional carpentry, mastery of wood carving, and highly specialized artistic knowledge and skills transmitted through generations of the Tukka Wadu family.
මෙම දැවැන්ත වෙස් මුහුණු නිර්මාණය කිරීමේදී ගෘහ නිර්මාණ ශිල්පය හා වඩු කර්මාන්තය පිළිබඳ තාක්ෂණික ඥානය, කැටයම් ශිල්පීය නිපුණතාව සහ පරම්පරාගත කලා ශිල්පීය දැනුම ඉතා සුවිශේෂී ලෙස යොදාගෙන ඇත.
The remarkable nature of these masks is documented in the research and publications of distinguished scholars and researchers, including the British researcher Beryl de Zoete, Professor M. H. Gunatilaka, and Professor Ediriweera Sarachchandra.
මෙම සුවිශේෂී වෙස් මුහුණු පිළිබඳ තොරතුරු බ්රිතාන්ය ගවේෂිකා බේරිල් ද සූත්, මහාචාර්ය එම්. එච්. ගුණතිලක, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර ඇතුළු පර්යේෂකයන්ගේ පර්යේෂණ වාර්තා සහ ප්රකාශන තුළින් ද දැකගත හැකිය.
In 1962, these exceptional masks of the Tukka Wadu family were presented at the World Cultural Exhibition held in Russia, representing Sri Lanka’s cultural heritage and national identity on the international stage. The masks received tremendous admiration from distinguished personalities, including Queen Elizabeth II and Rabindranath Tagore.
1962 වර්ෂයේ එවකට රුසියාවේ පැවති ලෝක සංස්කෘතික සංදර්ශනය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද්දේ ද ටුක්කා වඩු පරම්පරාවේ මෙම සුවිශේෂී වෙස් මුහුණුය. දෙවන එලිසබත් රැජින, රවීන්ද්රනාත් තාගෝර් ඇතුළු සම්භාවනීය පුද්ගලයන්ගේ ඉමහත් ප්රසාදයට මෙම වෙස් මුහුණු ලක්වීය.
Following Sri Lanka’s independence, these historic mask sets also played a significant role in the first Independence celebrations held in 1949, as well as in numerous national and international cultural events held to showcase the cultural pride of Sri Lanka to the world.
ශ්රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු, 1949 වර්ෂයේ පවත්වන ලද පළමු නිදහස් උත්සවයේදී මෙන්ම, ශ්රී ලංකාවේ අභිමානය ලෝකයට විදහා දැක්වීම සඳහා පවත්වන ලද විවිධ ජාතික හා ජාත්යන්තර සංස්කෘතික උත්සවවලදී ද මෙම වෙස් මුහුණු කට්ටල සුවිශේෂී නියෝජනයක් ලබා දී ඇත.
At the present time, a pair of mask sets more than 250 years old belonging to the Tukka Wadu tradition remains preserved at the National Museum in Colombo. These masks stand as important historical evidence of the hereditary heritage of the Tukka Wadu family and its distinctive historical identity.
අද වන විට, වසර 250කට වඩා ඉපැරණි වෙස් මුහුණු කට්ටල යුවළක් කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව පවතී. එම වෙස් මුහුණු ටුක්කා වඩු පරම්පරාවේ පරම්පරාගත උරුමය හා එහි ඓතිහාසික අනන්යතාව පිළිබඳ වැදගත් සාක්ෂි ලෙස පවතී.
In later years, certain individuals have imitated these original masks and produced various creations for their own commercial purposes, while attaching fabricated narratives and invented histories to them in an attempt to construct a different version of the past.
පසුකාලීනව ඇතැම් පුද්ගලයන් විසින් මෙම මුල් වෙස් මුහුණු අනුකරණය කරමින් තම ව්යාපාරික කටයුතු සඳහා විවිධ නිර්මාණ සිදුකර, ඒවාට විවිධ ප්රබන්ධ සහ ඉතිහාස කතා එක් කරමින් ව්යාජ ඉතිහාසයක් ගොඩනැගීමට උත්සාහ කළද, සැබෑ ඉතිහාසය කිසිදා වසන් කළ නොහැක.
Authentic history cannot be rewritten by those who merely reproduce its outward form.
The original remains the original.
The heritage remains the heritage.
And the history remains the history.
It Can Be Copied — But It Can Never Be Equal.
අනුකරණය කරන්නන්ට සැබෑ ඉතිහාසය නැවත ලිවිය නොහැක.
මුල් නිර්මාණය සැමදා මුල් නිර්මාණයමය.
උරුමය සැමදා උරුමයමය.
ඉතිහාසය සැමදා ඉතිහාසයමය.
කොපි කළ හැකිය — එහෙත් කිසිදා සම කළ නොහැක.