20/08/2021
නාදුනන පෙම❤️✨
18 කොටස
ඇමෙරිකාවට ඇවිත් තියෙන සේරම වැඩ ඉවර කලාට පස්සේ මමයි හශානයයි ලන්කාවට ආවේ .
අනේ පුතේ...අම්මා එයාර්පෝට් එකේම අඩා වැටුනේ සතුටට .
ආවානෙ අම්මා.
ඔෆිස් එකට ආවේ ජීවිතේටම පලවෙනි වතාවට .
තව දෙයක් දැන ගත්තා. උමා ඇන්ටියි සූරි අන්කලුයි සදහටම ඕස්ට්‍රේලියාවේ පදින්චි වෙන්න ගියා කියලා දැන ගත්තා.
සමන් කන්ස්ට්‍රක්ශන් ....
තාත්තගේ ජීවිතේ ,එයාගෙ හීනේ .... මමයි හශානයයි ඔෆිස් එකට යන්න කලින් ඉදන්ම ටානියා ඒ ඔෆිස් එකේ වැඩට ගිහින් තිබ්බේ ච්‍යාමන් විදිහට .
මේ අතරෙම නුවර එලියෙත් අපේ ඔෆිස් එකක් පටන් ගත්තේ ... සමන් කන්ස්ට්‍රක්ශන් කියන නමින්මයි ..
හශාන්.... කෑ ගහගෙන ඇවිත් හශානයව බදා ගත්‍තේ ටානි .
නිලට හුරු සාරිය ,කඩා දාපු කොන්ඩේ සේරම වැදගත් විදිහට තිබ්බා. කලින් හිටපු ටානියා නෙවේ කියලා තේරුනා .
ඒ වගේම ඉන්න විදිහෙන්ම තේරුනා හශානයයි ටානියයි සෙට් කියලා .
ආ ආ හරි හරි😂 මන් එහෙම කිව්වෙ උන් දෙන්නට තනි වෙන්න දීලා.
ඒ මේ උබලා ලව් කලාට කමක් නෑ නුවර එලියේ යන්න ඕනෙ . මන් එහෙම කියන් එලියට ආවා.
මදූ ...ඔයා හිටියානම් .... හිත හීල්ලුනා
පැය 5 කට පස්සේ නුවර එලියට ආවා.
පට්ටෙට හදලා නේ සයුරුවා
ඒකනෙ බන් .
හිතුවට වඩා ලොකුවට පිලිවෙලට ඔෆිස් එක හදලා තිබ්බා.
ඇතුලට යද්දිම මාවයි හශානයවයි උනුසුම් ලෙස පිලිගත්තේ මිස්‍ටර් නිසල් .
නිසල් රට ඉන්න කාලේ ඉදන්ම මේ කම්පැනි එක හැදුවේ අපේ කීමට.ඌ ඒක පට්ටෙටම කරලා.
උබ ගානට කරලා බන් ,
මන් එහෙම කිව්වේ නිසල්ගේ පිටටත් තට්ටුවක් දාලා.
ස්ටාෆ් එක කොහොමද? ඒ ඇහුවේ හශාන්
ඔව් මිස්ටර් හශාන් .ස්ටාෆ් එකේ දැනට 25 ක් වැඩ .
අපිට මේන් එකවුන්ටින්ව එවන්නකො .
අපි එහෙම ඔෆ්ස් රූම් එකට ගියා.
මේ අයි කමින් සර් ,
හුරු පුරුදු කටහඩ
කමින් ...හශාන් එහෙම කිව්වෙ ලැප් එකේ වැඩක ඉන්න ගමන්මයි .
ඇතුලට ආපු රුව .
ඔව් , ඒ මදූ....අවුරුදු 4 කට පසු ... තාමත් ඒ විදිහමයි .
කෙල්ල උනත් මාව දැකපු ගමන් ගැස්සිලා ගියේ ෆයිල් ටිකත් බිමට වට්ටන් .
ෆයිල් ටික වැටෙන සද්දෙට ඔලුව උස්සලා බලපු හශානයා උනත් නැගිට්ටුනේ ඒ මදූමයි කියලා තහවුරු උනු නිසාමයි .
සයුරු ,
මට ආවේ කියාගන්න බැරි තරහක් .... ආපු ආවේගටම වැටෙන්නම කම්මුල් පහරක් ගැහුවේ විදපු දුකටයි , අච්චර සූරි අන්කල්ලව අසරණ කරපු එකටයි .
සයුරූ.... හශානයා මගේ අත අල්ලගත්තේ නැත්නම් මන් තවත් පාරක් ගහන්න ඉඩ තිබ්බා .අඩමින් කදුලු පෙරන් බිම වැටීගෙන හිටිපු මදූ දිහා දැක්කහම දුකකුත් හිතුනා
ඒත් එක්කම ඔෆිස් රූම් එකට ආවේ පොඩි ගෑනු ලමෙක් ...
අම්මී...... පොඩි කෙල්ල අඩාගෙන මදූව බදාගත්තේ බයටම .
මට හශානයාගෙ මූන බැලුනේ ඉබේටමයි .
කිව්වට ඇහුවෙ නැහැ මැඩම් පොඩි බබා දුවන් ආවානේ....එහෙම කියාගෙන ආව රිසෙප්ශන් එකේ හිටපු කෙල්ල .
මැඩම් ඇයි බිම?
නෑ රසන්ගා පැටලිලා වැටුනා .
වැටුනු ෆයිල් ටිකත් හිමීට අහුලලා මෙසේ උඩින් තියලා මදූ හැරිලා ගියේ එක වතාවක්වත් අපි දිහා හැරිලා බලන්නෙ නැතුව.
මොකක්ද බන් ඒ උනේ?
හශානයා මාව අල්ලන් එහෙම කිව්වේ උටත් උනු දේවල් හිතා ගන්න බැරුව.
5.00 යි සයුරු ෆලෝ කරමු .කාවද? මදුව ...
උබට දැනගන්න ඕනෙ නැද්ද ? මොකක්ද උනේ කියලා
හරි යමන් .
වරෙන් .
අපි දෙන්නා එහෙම කියලා පොඩි කෙල්ලවත් වඩන් බස් හෝල්ට් එකේ ඉන්න මදූ දිහා බැලන් හිටියා.
ආපු බස් එකේ නගිද්දී...අපි බස් එක පිටිපස්සෙන් යන්න ගත්තා.
බස් එකෙන් බැහැලා අතුරු පාරකට හැරුනු කෙල්ලයි පොඩි එකීයි ඇතුලු උනේ පොඩි ගෙදරකට .
යනවද බන් ?
යමන් මන් කිව්වෙ හිතට හයියක් අරන් .
මදූයි කෙල්ලයි ගේ ඇතුලට ගියාට පස්සේ අපි දෙන්නත් පොඩි ගේට් එකත් ඇරන් ඇතුලට ආවා.
ගේ පොඩි උනාට හරි හුරුබුහුටියි . දොර වහලා නොතිබුනු නිසා වහන්න ආපු මදූ අපිව දැකලා ගල් ගැහුනා.
සයුරු ....
ඔව් ඌ තමා. ගෙට එන්නද?
එන්න ...කෙල්ල බිම බලන් කතා කලා.
තමුසෙට මොකක්ද උනේ? කියපන්
සයුරු සන්සුන් වෙයන් හශානයා එහෙම කිව්වා.
මොකක්ද මදූ උනේ? හශානයා කතාව පටන් ගත්‍තා.
වෙන්න තියෙන සේරම දේවල්
ඒ කිව්වෙ ?
සිතිජ එක්ක එදා පැනලා ආවාට පස්සෙ ටික කාලයක් හොදට හිටියා.
පස්සෙ පස්සේ එයා වෙනස් උනා. අන්තිමට දරුවෙකුත් දීලා යන්න ගියා . දැන් කෙල්ලවත් හදන් මන් ඉන්නවා.
හිතට ආපු ලැජ්ජාවටම මදූ බිම බලාගත්තා.
තාත්තී ....පොඩි එකි මගෙ ඔඩොක්කුවට පැන්නේ හිතන්නවත් වෙලාවක් නොතියා....තාත්ති කොහෙ ගියේ ....මන් බලන් හිටියා....
චූටි දූ පුතේ...මේඔයාගේ
මන් මදූට සද්දෙ නොකර ඉන්න කියලා පෙන්නුවේ පොඩි කෙල්ලගේ හිනාව නැති කරන්න බැරි නිසා.
යන්න ලෑස්ති වෙලත් පොඩි කෙල්ලව ඔඩොක්කුවෙන් බස්ස ගත්තේ ගොඩක් අමාරුවෙන් .
මදූ අපිත් එක්ක එලියට ආවා .
ලෑස්ති වෙනවා යන්න කොලබ .
බෑ සයුරු.
අනේ මේ ඕයි ... ආයි කනපලා ගන්නෙ නැතුව ගෙදර යන්න ලෑස්ති වෙයන් ..
පබා✍️...
Thaaru_Official_Page🇱🇰
කතෲ අයිතිය සහ ප්‍රකාශන අයිතිය සුරකින්න.... තාරු
නාදුනන පෙම පෙර කොටස🌼
https://m.facebook.com/story.php?story_fbid=438002817655466&id=112610443528040