G o p a l a I ඝෝඵල

G o p a l a I ඝෝඵල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G o p a l a I ඝෝඵල, Art Gallery, Kurunegala.

The gopala art gallery collections has established to showcase the artistic capabilities of the Srilankan traditional painting
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික චිත්‍ර කලාවේ කලාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා ඝෝඵල කලා එකතුව පිහිටුවා ඇත.

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest amo...
06/10/2025

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest among my fans!

කොළඹ 15 මෝදර ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය  කොළඹ නගරාසන්නයේ ම පිහිටා ඇති මහනුවර සමය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇති පෞරාණ...
16/08/2025

කොළඹ 15 මෝදර ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය

කොළඹ නගරාසන්නයේ ම පිහිටා ඇති මහනුවර සමය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇති පෞරාණික බෞද්ධ පූජ්‍යස්ථානයක් ලෙස මෝදර ශ්‍රී පුෂ්පාරාමය හඳුනා ගත හැකිය. මහනුවර සමයේ ගණින්නාන්සේලා වැඩ සිටි ස්ථානයක් ලෙස චිරප්‍රසිද්ධ මෙහි සේපාලිකා මල් ගස් තිබූ නිසා පුෂ්පාරාමය යනුවෙන් ප්‍රකටව ඇත. ලංකාවේ අවසාන සංඝරාජ පදවිය දැරූ වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණඞකර සංඝරාජයන් වහන්සේ කොළඹ වැඩම කළ විට මෙම විහාරස්ථානයේ වැඩ සිටි බව කියවෙයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමයේ කොළඹ තදාසන්න ප්‍රදේශයේ හේවිසි ශබ්ද පූජා පැවැත්වීමේ විශේෂ අවසරයක් ලබා දී තිබූ සුවිශේෂී විහාරස්ථානයක් බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි තැන්පත්ව ඇති පැරැණි ලේඛන සාක්ෂි දරයි.

පෞරාණික බෝධීන් වහන්සේ මෙහි මුල්ම පූජනීය සංකේතය වන අතර එය කේන්ද්‍ර කර ගනිමින් මෙම විහාරස්ථානය ගොඩනැගී ඇත. වර්ෂ 1950 දශකයේ ගොඩනංවා ඇති කුඩා ස්ථූපය ඉන්දියාවේ සිට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කොට කරවා ඇත. බෝධීන් වහන්සේ ඉදිරිපිට මලසුන් ගෙයි පෞරාණික කිරි ගරුඬ හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි.

විහාර මන්දිරය මෙහි ඇති පුරාවිද්‍යා වටිනාකමක් ඇති ප්‍රධාන ස්ථානයයි. ඇතුල් මාලය සහ පිට මාලය ලෙස තනවා ඇත. ඇතුල් මාලයේ ධ්‍යාන මුද්‍රාවෙන් යුක්ත මහනුවර සම්ප්‍රදාය ප්‍රකට කරවන හිඳි පිළිම වහන්සේ නමකි. පිළිම වහන්සේ දෙපස සැරියුත් මුගලන් දෙනම වහන්සේ ද අතින් මල් ගත් මහරහතන් වහන්සේලා ද සිතුවම් කොට ඇත. දොරටුවෙන් ඇතුල් මාලයට පිවිසෙන විට වම් පස බිත්තියේ ශ්‍රී විෂ්ණු දේව රූපයක් ද දකුණු පස බිත්තියේ කතරගම දෙවියන්ගේ රූපයක් ද සිතුවම් කර තිබේ. පිට මාලයේ සූවිසි විවරණය සිතුවම් කර ඇති අතර ඉපදීමේ සිට බුද්ධත්වය දක්වා බෝධිසත්ව ජීවිතය ද මාතුපෝසක ජාතක කතාව ද ඒ අතර දැකිය හැකිය. පිටුපස බිත්තියේ මෑත කාලීනව අඳින ලද සුළුස්මස්ථාන සහ බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා කිහිපයකි. මකර තොරණ අලංකෘත වන අතර කුරුල්ලන්, මල් කිනිති, අඹ ගෙඩි සහිත අතු සිතුවමට නගා ඇත. මකර තොරණේ සඳහන් කොට ඇත්තේ බු.ව. 2435 දී විහාර මන්දිරය කරවූ බවයි. එය ව්‍යවහාරික වර්ෂ 1891 යි. වර්ෂ 1913.10.14 දින පිඟන් ගඩොල් ඇල්වූ බව සටහන් කොට ඇත. වර්තමානයේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් විහාරස්ථානයක් ලෙස පරිපාලනය වේ.

*දැඹව ටැම්පිට විහාරය* ලංකාවේ පුරාණ විහාරස්ථානයකින් හමුවන කුඩාම ප්‍රමාණයේ බිතුසිතුවම් රැගත් "දැඹව ටැම්පිට විහාරය". කිසිවෙ...
12/08/2025

*දැඹව ටැම්පිට විහාරය*

ලංකාවේ පුරාණ විහාරස්ථානයකින් හමුවන කුඩාම ප්‍රමාණයේ බිතුසිතුවම් රැගත් "දැඹව ටැම්පිට විහාරය". කිසිවෙකුගේ ඇස නොගැටී, අනෙකුත් ගොඩනැගිලි අතර සැඟව සැමට අමතකව ගිය ඉතා කුඩා ප්‍රමාණයේ ටැම්පිට විහාරය ඇතුළත මෙතරම් වටිනා උරුමයක් සැඟවී ඇතැයි දකින්නෙකුට නොසිතෙන තරම් ය.
විහාරයේ දකුණු පස බිත්තියෙහි සෙන්ටිමීටර් 20ක පමණ ප්‍රමාණයේ තීරු ලෙස සිතුවම් කර ඇති නුවර යුගයේ සිතුවම් සිදුහත් සිරිත ඉතා රමණීය ලෙස විදහා දක්වයි. සිදුහත් සිරිතේ සිද්ධීන් ඉතා විස්තරාත්මකව මෙන්ම ඉතා රසවත් ලෙස නාට්‍යානුරූපීව සිතුවම් කර තිබෙන ආකාරය ඉතා සිත්ගන්නාසුළු ලක්ෂණයක් විය.
මෙම සිතුවම් පෙළ හැරුණුකොට තවත් ඉතා අලංකාර සිතුවම් විහාරයෙහි අනෙකුත් බිත්ති, වහලය, උළුවස්ස සහ දොරෙහි සිතුවම් කොට ඇත. මෙම සිතුවම් පූජ්‍ය හේරත්ගම රත්නපාල නම් හිමිනමක විසින් අඳින ලද බව පිළිගැනීම ය.
තවද, වර්ෂ 1976 දී සිදුහත් උපතෙහි 2600 වන සංවත්සර සැමරුම වෙනුවෙන් නිකුත් කෙරුණු මුද්දර කිහිපයකට මෙම විහාරයේ ඇති සිදුහත් උපත රැගත් සිතුවම් භාවිතා කර ඇත.
තනිකරම දැවයෙන් නිමවා පිටත බිත්ති මැටියෙන් සකසා ඇති බවක් දක්නට ලැබුණි. මෑතකදී සංරක්ෂණයට ලක් කර ඇති සිතුවම් ඉතා විශිෂ්ට තත්වයේ තිබුණි. රටේ අනෙකුත් පුරාවස්තු වලට මෙන්ම දැඹව ටැම්පිට විහාරයටද නිධන් හොරුන්ගෙන් ගැලවීමක් නම් නැති බවද දැනගැනීමට ලැබුණි.
විහාර කුටිය තුල පවතින දැඩි අඳුර නිසා ඡායාරූප ගැනීම ඉතා අපහසු කරුණක් විය. විවර ක්‍රන ලද දොරෙන් එන ආලෝකය එක් පසෙකින් පමණක් ලැබෙන නිසා ඡායාරූප වල ගුණාත්මක බව අඩු විය හැකි බව සලකන්න.
(උ.ගැ අන්තර්ජාලයෙන්)

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශීය බලප්‍රදේශයට අයත් මැදවල ග‍්‍රාමනිලධාරි වසමේ මැදවල රජමහා විහාරය ...
02/04/2025

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශීය බලප්‍රදේශයට අයත් මැදවල ග‍්‍රාමනිලධාරි වසමේ මැදවල රජමහා විහාරය ස්ථානගතව ඇත. (07° 21’ 21” හා 80° 33’ 49”). මහනුවර-දොරණෑගම මාර්ගයේ මැදවල නගරයේ සිට කිලෝමීටර 1.5ක පමණ දුරක් ගමන් කළ විට දී විහාරස්ථානයට ළඟාවිය හැකිය. සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් විහාරක් වන මැදවල විහාරය පූජ්‍ය දෙහිගම චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා යටතේ පරිපාලනය වෙයි.
මෙම විහාරය මහනුවර යුගයේ ජනප්‍රිය ස්ථානයක්ව පැවැති බව එසමයේ ප්‍රචලිත ආධ්‍යාපනික ග්‍රන්ථයක් වූ විහාර අස්න හෙවත් නම් පොතේ සඳහන් වී තිබීමෙන් පැහැදිළි වෙයි.
ජනශ්‍රති අනුව මැදවල විහාරයේ ඉතිහාසය වට්ටගාමණී අභය රජුගේ (ක‍්‍රී.පූ. 103 කාලසීමාව දක්වා ගමන්කරයි. එතුමා මලය දේශයේ ගතකළ සමයේ මෙම විහාරස්ථානය ඉදිකළ බව දැක්වෙයි. විහාරස්ථාන ඉතිහාස විවරණයේ දී භාවිත කළහැකි ලිඛිත පුරාවිද්‍යා මූලාශ්‍ර දෙකකි. ඒ විහාරස්ථාන මළුවේ දක්නට ඇති ‍මැදවල ශිලාලේඛනය හා මැදවල සන්නස යන මුලාශ්‍රද්වයයි. සන්නසට අනුව විහාරය ඉදිකිරීමේ ගෞරවය කීර්ති ශ්‍රී රාජසිංහ (1755) රජුට හිමි වේ. විහාරස්ථානයේ හමුවන වාස්තුවිද්‍යාත්මක අංගයන්හි කලා ආකෘතික ස්භාවය මත ඓතිහාසික පදනම මහනුවර යුගය දක්වා ගමන් කරන බව පැහැදිලි වෙයි. මෙම නිගමනයට පැමිණීම සඳහා ටැම්පිට විහාරය, බුද්ධප්‍රතිමා ලක්ෂණ හා බිතුසිතුවම් උපකාරී වෙයි.

ආගමික, වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක, හා සෞන්දර්යාත්මක ආදි අගයන් රැසක් පිළිබිඹු කරන මැදවල විහාරය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රදේශීය ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවෙයි. ටැම්පිට විහාරය හා නව බුදු මැදුර ජනයාගේ ආගමික ප්‍රතිපදාවන් උදෙසා වැදගත්වෙයි. එමෙන්ම ටැම්පිට ප්‍රතිමාගෘහය ඉදිරිපස ඇති පොහොය ගෙය භික්ෂූන්වහන්සේගේ විණය අවශ්‍යතා සපුරාලයි.

විහාරස්ථානයේ පවතින ටැම්පිට විහාරය දිවයින් වඩාත් ප්‍රචලිත ටැම්පිට විහාරයක් වේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුළ පොළොවේ තෙතමනය හා වේයන් වැනි කෘමී සතුන්ගේන් දැවයෙන් කළ ප්‍රතිමාගෘහයට වන හානිය අවම කිරීම සඳහා උපක‍්‍රමයක් ලෙස මහනුවර යුගයේ දී ව්‍යප්ත වූ වාස්තුවිද්‍යා නිර්මාණයකි. ටැම්පිට සම්ප්‍රදායට අයත් විහාර කුරුණැගල, කෑගල්ල, මහනුවර ආදී දිස්ත්‍රික්කයන්හි බහුල ව්‍යාප්තියක් පෙන්වයි.
වේදිකාවක් මත ගල් කුළුණු 20ක් ඍජුකෝණාස්‍රාකාරව සිටුවා පිළිමගෙයි පාදම සකසා ඇත. ගල්කණු මත හරස් අතට යෙදූ දැව බාල්ක සිරස්, කැටයම් සහිත දැවකණු 16ක් සිටුවමින් ගෘහරාමුව තනාගෙන ඇත. එම ලී කණු සිට අඩි කිහිපයක ඉඩක් ශේෂකරමින් වලිත්ති තාක්‍ෂණය අනුව ඍජුකෝණාශ‍්‍රාකාර පිළිම ගෙය නිර්මාණය කර ඇත. එක් පසෙක දෙපියන් කැටයම් හා චිත්‍ර සහිත දොර නිමවා ඇත. මෙම වලිත්ති බිත්ති හා චංකමණය ඔස්සේ ගමන්කරණ දැව කණු උපයෝගි කරගනිමින් මහනුවර යුගයට අයත් පියස්ස නිමවා ඇත. පෙති උළු භාවිත කරමින් සාම්ප්‍රදායික රටා සහිතව පියස්ස සකසා ඇත. චංකමණය වටා ගමන්කරන දැවකණු යාකරමින් බීරළු වැටක් නිමවා ඇත. මෙම මළුවට ඇතුළු වීම සඳහා දැව පඩි කිහිපයක් සකස්කර ඇත.

පිළිමගෙයට පිවිසීමට ඇති දැව ද්වාරය දෙපස අල්පෝන්නත මුරභටයන් දෙදෙනකු නිරූපණය කොට ඇත. මහනුවර ශෛලියේ අලංකරණ රටා මඟින් සරසණ ලද ද්වාරයෙන් පිවිසෙනවාත් සමඟම දර්ශනය වනුයේ භූමිස්පර්ෂ මුද්‍රාව මුද්‍රව නිරූපණය බුදුරජාණන් වහන්සේගේ ගිරිගරුඩ බුදුපිළිමය හා අලංකාර මකර තොරණයි. පිළිමයේ ශෛලිය මහනුවර කලා සම්ප්‍රදායට සමීපය. උස් වූ ආසනයක් මත ප්‍රතිමාව ස්ථාපනය කොට ඇති අතර ම එම ආසනයේ අංගයක් ලෙස අල්පෝන්නත කැටයම් හා සිතුවම් සහිත මකරතොරණ, ප්‍රතිමාව පිටුපස නැගී සිටියි. ප්‍රධාන බුද්ධප‍්‍රතිමාව දෙපස කාලවර්ණ දෙවියකුගේ හෝ මුරකරුවකුගේ ප‍්‍රතිමා දැකගත හැකිය. මකරතොරණ මත සතරවරම් දෙවිවරු නිරූපණය කෙරෙයි. ප‍්‍රතිමා අතර හිස් අවකාශයන් පිරවීම ස`දහා සිතුවම් භාවිත කොට ඇත. ප‍්‍රධාන ප‍්‍රතිමාව ඉදිරිපස දෙපසින් හිදි ඉරියවි සහිත කුඩා ප‍්‍රතිමා යුග්මයකි. එම ප‍්‍රතිමා පෙර ප‍්‍රතිමාවනට වඩා නූතන ස්වරූපයක් ගෙන ඇති බව පෙනේ.

ප්‍රතිමාගෘහයේ සිවිලිම, වම් හා දකුණු, පිටුපස ආදි සියලූම බිත්ති මහනුවර ශෛලයේ සිතුවමින් අලංකාර කොට ඇත. මෙම සිතුවම් මැදවල විහාරයට ජාතික මට්ටමේ කීර්තියක් අතිකර දීමට සමත්ව ඇත. අඛණ්ඩකතන සම්ප්‍රදාය අනුව චිත්‍රණය කොට ඇත.
වම්පස බිත්තිය ඉහළ තලය සොළොස්මස්ථාන නිරූපණය කොට ඇති අතර දෙවන තීරුව බුදුපුදට යන රහතන් වහන්සේ නිරූපණය වෙති. දකුණු පස බිත්තිය ඉහළම ඵලකය සත්සතිය ද, දෙවන ඵලකය ජාතක කථා නිරූපණය ද වේ. එහි දී වෙස්සන්තර ජාතකය ප්‍රධාන වේ. ද්වාරය දෙපස බිත්තිය භික්ෂූන්වහන්සේ, ප්‍රභූවරු හා සාමාන්‍ය ජනයා නිරූපණය කෙරෙයි.

පිළිමගෙයි දැව සිවිලිම පුරා තුසිත භවණ නිරූපණය කොට ඇති අතර මල්කම් හා ලියකම් ද ප්‍රමුඛ වේ.

මෙම බිතුසිතුවම් විවිධ හායනකාරි තත්ත්වයනට ලක්වන බව හා ලක් වූ ආකාරය හඳුනාගත හැකිය. මෙම සිතුවම් මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණයට ලක්ව ඇත. කෙසේ වුව ද වර්ණ ධරණ ස්තරයේ කුඩා හා විශාල කුහර Laquna දැකගත හැකි ය. එමෙන්ම සිතුවම් අතර කුඩා හා විශාල පිපිරීම් දැකගත හැකි ය. විශේෂයෙන්ම සීලිම ආශ‍්‍රිතව තෙතමනය ම`ගින් ඇතිකරන හායනයට ලක්වෙමින් පවතී. වේයන් වැනි කෘමීන් ම`ගින් දැවමය ද්වාරයට හානිකිරීමට උත්සහ දරා ඇත. මෙවැනි හායනකාරී තත්ත්වයන් වැලැක්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සංරක්ෂණයේ දී ද උත්සහකොට ඇති බව පෙනේ.

ටැමිපිට විහාරය ඉදිරිපස භික්ෂූන් වහන්සේ විණයකර්ම සිඳුකරණ පොහොයගෙය ස්ථාගගතව ඇත. මෙය මහනුවර හා ලංදේසි ශෛලයේ වාස්තුවිද්‍යා ලක්ෂණ එකට මුසු වූ නිර්මාණයක් වෙයි. උස් වූ පිල හා පියස්ස මහනුවර ශෛලය ද, බිත්ති හා කුඵණු ලංදේසි ආභාසය ද නිරූපණය කෙරෙයි. ගොඩනැගිල්ල වටා සීමාගල් ස්ථාපනය කොට ඇත. ටැම්පිට විහාරය, පෝයගෙය හා නව ප‍්‍රතිමාගෘහයට ප‍්‍රවේශවීම සඳහා ඉදිකොට ඇති විශේෂ වාස්තුවිද්‍යාත්මක අංගයක් ලෙස වාහල්කඩ දැක්විය හැකිය. මෙය ද මහනුවර හා ලංදේසි වාස්තුවිද්‍යා ශෛලයේ බලපෑම සහිතව නිර්මාණය කර ඇති බව පැහැදිලි ය.

ඍජුකෝණාස‍්‍රාකාර හැඩයක් ගන්නා වූ වාහල්කඩ සඳහා ප‍්‍රවේශවීමට ගල් පඩිපෙළක් භාවිතයට ගෙන ඇත. මදක් උස් වූ පාදමක් මත ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල ඉදිරිපස හා දෙපස බිත්ති සම්පූර්ණයෙන් ඉදිකොට ඇති අතර පිටු පස බිත්තිය අර්ධ (කොට* බිත්තියකි. ද්වාරය දෙපස රවුම් හැඩැති ලංදේසි ආභාෂය දනවන කුඵණු 2කි. ඉදිරිපස බිත්තිය අතරින් ප‍්‍රවේශයයි. එය මකර තොරණකින් අලංකාර කරන ලද ලංදේසි ආරුක්කුවක් වේ. මහනුවර ශෛලයේ පියස්ස සඳහා පෙති උඵ භාවිත කර මනබදින රටා නිරූපණය කරයි. අතීත කාලයේ භික්ෂූන්වහන්සේගේ ගමනාගමන කටයුතු සඳහා භාවිත කිරීමට ඇතැයි සිතිය හැකි පැලැක්කියක් ද මෙම වාහල්කඩ තුළ ප‍්‍රදර්ශනයට තබා ඇත.

මැදවල විහාරස්ථානයේ භික්‍ෂු ආවාස ගෘහය ද වාස්තුවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයකි. මැදමිදුලක් සහිත ආවාසගෘහයේ ඉදිරිපස පසුකාලීනව විපර්යාසයනට ලක් ව ඇත. ආවාසයේ මැදමිදුල අටුව තැබීම සඳහා භාවිත කරයි.

කන්ද උඩරට සෙන්කඩගල නුවර පිහිටි මැදවල විහාරය වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්ම, සෞන්දර්යාත්මක හා ආගමික අගයන් ප‍්‍රකාශකරන අගනා සිද්ධස්ථානයක් ලෙසින් ආරක්ෂාකොට මතුපරපුර වෙත සම්පේ‍්‍රෂණය අත්‍යවශ්‍ය සමාජවගකීමක් වන්නේ ය.

02/04/2025
ශ්‍රී ලංකාවේ මෑතකාලීන බෞද්ධ විහාර චිත්‍ර ශිල්පීන් අතර විශේෂයෙන් වැදගත් වන චිත්‍ර ශිල්පියෙක් තමයි එම්. සාර්ලිස් කියන්නෙ. ...
29/03/2025

ශ්‍රී ලංකාවේ මෑතකාලීන බෞද්ධ විහාර චිත්‍ර ශිල්පීන් අතර විශේෂයෙන් වැදගත් වන චිත්‍ර ශිල්පියෙක් තමයි එම්. සාර්ලිස් කියන්නෙ. එම්. සාර්ලිස් ජනප්‍රිය වෙන්නෙ වැඩවසම් යුගයේදී බෞද්ධ සිතුවම් මුද්‍රණය කර බෙදාහැරීමට මුල් වූ ශිල්පියා විදියට. ඒ අතරින් වඩාත් ජනප්‍රිය සිතුවම තමයි සීවලී මහ රහතන් වහන්සේ ඇඳි මුද්‍රිත සිතුවම. පහළ ඡායාරූප තුළින් දැක්වෙන්නෙ මතුගම පාන්තිය මංගලාරාමයේ ඔහු නිර්මාණය කළ සිතුවම් කිහිපයක්.

මතුගම පාන්තිය ශ්‍රී මංගලාරාමය එම්. සාර්ලිස් සිතුවම් නිර්මාණය කල එක් විහාරයක්. අපි ලිතෝ මුද්‍රිත සිතුවම් තුළ දකින ඔහුගේ චිත්‍ර ලක්ෂණ මේ විහාර සිතුවම් තුළින්ද දැක බලාගන්න පුළුවන්. රිචඩ් හෙන්රිකස්ගෙන් ලැබුනු බටහිර ශාස්ත්‍රාලීය චිත්‍ර ශෛලියත් රවිරාජ් වර්මා වැනි චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ආභාසයෙන් ලබාගත් පෙරදිග ඉන්දීය සම්ප්‍රදායික ඇඳුම් ආභරණවලින් සැරසුණු කාන්තාරූපත් මේ චිත්‍ර තුළ දැකගන්න පුළුවන්. අපරදිග චිත්‍ර තුළ දක්නට ලැබෙන වාස්තු විද්‍යාතමක ලක්ෂණ සහිත ගොඩනැගිලි සහ පර්‍යාවලෝක ලක්ෂණ චිත්‍ර නිරීක්ෂණය කළොත් දැකගන්න පුළුවන්. ඒ වගේම එම්. සාර්ලිස් අනෙක් සිතුවම් මෙන්ම මෙම සිතුවම් වර්ණ ගැන්වීමටත් දීප්තිමත් වර්ණ මාලා යොදාගෙන තිබෙනවා... බුදු සිරිතේ අවස්ථා රැසක් විහාරගෙයි ඇතුළත චිත්‍ර තුළ දැකගන්න පුළුවන්. මෙම සිතුවම් බොහොමයක එම්. සාර්ලිස් ඔහුගේ අත්සන යොදා තිබෙනවා. කලුතර මතුගම සහ හොරණ අවට එම්. සාර්ලිස් සිතුවම් නිර්මාණය කළ විහාරස්ථාන කිහිපයක්ම දැකගන්න පුළුවන්.
(උපුටා ගැනීමකි, චායාරූප හා සටහන මුල් අයිතිකරු සතුය)

For sale 20 × 16 inches Canvas painting Kandyan period traditional paintingExcerpted from a series of painting in the Ri...
26/03/2025

For sale
20 × 16 inches
Canvas painting
Kandyan period traditional painting
Excerpted from a series of painting in the Ridee viharaya.
Traditional canvas painting
මහනුවර යුගයේ බිතුසිතුවම් සම්ප්‍රදායට අයත් ඓතිහාසික රිදීගම රිදී විහාරයේ නිර්මාණය කරන ලද සිතුවමක ආකෘතියකි.

හෙළ වියන් විසිතුරු....
25/03/2025

හෙළ වියන් විසිතුරු....

ශ්‍රී පාද පද්මය වන්දනා කරන වන සතුන්.ලංකාතිලක විහාරයේ බිතු සිතුවමක්.14වන සියවසේ ගොඩනැගුණ විහාරයේ චිත්‍ර මහනුවර යුගයට අයත්...
06/03/2025

ශ්‍රී පාද පද්මය වන්දනා කරන වන සතුන්.

ලංකාතිලක විහාරයේ බිතු සිතුවමක්.
14වන සියවසේ ගොඩනැගුණ විහාරයේ චිත්‍ර මහනුවර යුගයට අයත් වේ.

The Footprint of Buddha
A Fresco from Lankathilaka Viharaya, showing the sacred footprint was worshipped by the animals on the mountain.
Lankathilaka Viharaya was constructed in the 14th century and its frescoes belongs to the Kandyan Period 15th to 19th century.

Reference
The Footprint of Buddha, Professor E. F. C. Ludowyk, 1958, George Allen & Unwin Ltd, London.

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when G o p a l a I ඝෝඵල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Museum

Send a message to G o p a l a I ඝෝඵල:

Share

Category