I Met You'

I Met You' නුඹ හමුවීම එතරම් සුන්දරය 🤍✨

එදායින් පස්සේ මං ඔයා හොඳින්ද කියලා ඇහුවේ නෑ ! ඔයා සතුටින් ඉන්නවද ..ඔයාගෙ හිත කරදරින්ද ..ඔයා දවල්ට කෑවේ මොනවද ..ඔයා ආස වි...
25/06/2025

එදායින් පස්සේ මං ඔයා හොඳින්ද කියලා ඇහුවේ නෑ !

ඔයා සතුටින් ඉන්නවද ..
ඔයාගෙ හිත කරදරින්ද ..
ඔයා දවල්ට කෑවේ මොනවද ..
ඔයා ආස විදිහට ජීවිතේ ගෙවෙනවද කියලා මට අහන්න බැරි උනා ..

ඒත් අදටත් මං හිතන්නෙවත් නැති සමහර වෙලාවට මට ඔයාව මතක් වෙනවා !
ඔයාටත් එහෙම ඇති !

ජීවිතේ හරි පුදුමයි ..
කාලයක් අපි ළඟම ගැවසුනු මිනිස්සු තවත් කාලෙක අපෙන් හුඟක් දුරට යනවා. ඒ අඩුව පුරවන්න ඒ ඒ කාලවල තව තව මිනිස්සු අපේ ජීවිතේට ළං වෙනවා !
ඒත් ආයේත් ඒ දේම වෙනවා !!

එහෙම කොයිමහරි කාලෙක මගෙ ජීවිතේට මතකයක් උනාට ඔයාට ස්තූතියි !
එක මොහොතකට හරි මට ජීවත් වෙන්න උදව්වක් උනාට !! 🌸🦋

- උපුටාගැනීමකි

අවසානෙදී  ආදරය ලැබීම වෙනුවෙන් අපි කිසිම දෙයක් අමුතුවෙන් කරන්න උවමනා නැහැයි කියලා මම විශ්වාස කරනවා. මුළු ජීවිත කාලෙදිම අප...
24/06/2025

අවසානෙදී ආදරය ලැබීම වෙනුවෙන් අපි කිසිම දෙයක් අමුතුවෙන් කරන්න උවමනා නැහැයි කියලා මම විශ්වාස කරනවා. මුළු ජීවිත කාලෙදිම අපි උත්සාහ දරන්නේ වඩාත් සුන්දර වෙන්න, වඩාත් දක්ෂ වෙන්න. නමුත් මම කාරණා දෙකක් වටහාගත්තා. අපිට ආදරේ කරන අය මුළු හදවතින්ම අපිව බාරගන්නවා සහ අපේ හොඳ ගුණාංග අපි ළඟ ඇත්තටම තියනවාටත් වඩා වැඩියෙන් ඇති බව දකිනවා.
අපේ අසම්පූර්ණකම් කියන්නෙ අපේ වැරදි නෙවෙයි. ඒවා තමයි අපිට ඇත්තටම ආදරේ කවුද කියල හඳුනගන්න පුළුවන් මිනුම්දඬු වෙන්නේ...

~ Frida Kahlo ~

කිසිම මනුස්සයෙක්ව තේරුම් ගන්න උත්සහ කරන්න එපා !!!!පැය ගණන් ,දවස් ගණන් ,මාස අවුරුදු ගණන් මහන්සි වෙවී තවදුරටත් මිනිස්සු තේ...
17/06/2025

කිසිම මනුස්සයෙක්ව තේරුම් ගන්න උත්සහ කරන්න එපා !!!!

පැය ගණන් ,දවස් ගණන් ,මාස අවුරුදු ගණන් මහන්සි වෙවී තවදුරටත් මිනිස්සු තේරුම් ගන්න උත්සහ කරන්න එපා .
එක් කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් ..

මොකද ,ඕනම කෙනෙකුට තමන්ව තේරෙන්නෙත් 50 %
හෝ උපරිමය 65 % දක්වා විතරයි .
ඉතුරු ටික තමන්ට තමන්වවත් තේරෙන්නෙත් නැහැ ,

තමන්ට තමන්ව තේරුම් ගන්නත් බැරි ලෝකෙක අනිත් අයව තේරුම් ගන්න උත්සහ කරන එකම විහිළුවක් ..

කිසිම දවසක කිසිම මනුස්සයෙක්ව තේරුම් ගන්න
උත්සහ කරන්න එපා ,
මිනිස්සුන්ට නිදහසේ පවතින්න ඉඩ දෙන්න ..එච්චරයි ❤️🕊

~ අනිශා ජයකොඩි

සමහර ආත්ම අපේ ජීවිතේ නැති වුනාට අපේ හදවතේ හරි ලස්සනට ඉන්නවා....!: I Met You
08/06/2025

සමහර ආත්ම අපේ ජීවිතේ නැති වුනාට අපේ හදවතේ හරි ලස්සනට ඉන්නවා....!

: I Met You

: "අපිට ආදරේ ගැන හරි ලස්සනට හිතන්න පුරුදු කරවන මනුස්සයෙක් ජීවිතේ කොයිම හරි තැනකදි මුණගැහෙනවා. ඉතින් ඒ හමුවීම ජීවිත කාලෙම...
06/06/2025

: "අපිට ආදරේ ගැන හරි ලස්සනට හිතන්න පුරුදු කරවන මනුස්සයෙක් ජීවිතේ කොයිම හරි තැනකදි මුණගැහෙනවා. ඉතින් ඒ හමුවීම ජීවිත කාලෙම අපේ මතක වල හරි ලස්සනට සැරිසරනවා...!" 🌱

: I Met You

: "මේ හැමදේම කාසියක දෙපැත්ත වගේ තරූ. අපි ආදරෙන් අල්ලගත්ත දේවල් ඊලඟ තප්පරේ අපිව දරුණු විදිහට ප්‍රරතික්ෂේප කරන්න පුළුවන්. ...
31/05/2025

: "මේ හැමදේම කාසියක දෙපැත්ත වගේ තරූ. අපි ආදරෙන් අල්ලගත්ත දේවල් ඊලඟ තප්පරේ අපිව දරුණු විදිහට ප්‍රරතික්ෂේප කරන්න පුළුවන්. අපි ලඟට එන ආදරණීයම මිනිස්සු හෙට අපිට ගරහලා දාලා යන්න පුළුවන්. කාසිය පෙරලෙන්නෙ කොයි වෙලාවෙද කොහොමද කියන්න කවුරුත් දන්නෑ. දන්නෙ එකම දෙයයි. කාසිය කොයි වෙලේ හරි පෙරෙලෙන්න පුළුවන්. මේ ලෝකෙ හැටි එහෙමයි..."

: I Met You

: "මේ ලෝකෙ තියෙන ලස්සනම හැඟීම ආදරේ කියලා අපිට තේරුම් කරලා දෙන එක ම මුණගැහීමක් හරි ජීවිතේ තියෙන්න ඕනි තරූ. එදයින් පස්සෙ ත...
30/05/2025

: "මේ ලෝකෙ තියෙන ලස්සනම හැඟීම ආදරේ කියලා අපිට තේරුම් කරලා දෙන එක ම මුණගැහීමක් හරි ජීවිතේ තියෙන්න ඕනි තරූ. එදයින් පස්සෙ තමයි ජීවිතේ ලස්සනම පරිච්ඡේදය ලියවෙන්නෙ....!" 🌱

: I Met You

: "දවසක් එනවා අපිට මේ හැමදේම මුළ ඉදලා ආපහු මතක් වෙන. ඇයි එහෙම වුනේ කියලා ආයෙ ආයෙ අපි අපෙන්ම අහන...": I Met You
29/05/2025

: "දවසක් එනවා අපිට මේ හැමදේම මුළ ඉදලා ආපහු මතක් වෙන. ඇයි එහෙම වුනේ කියලා ආයෙ ආයෙ අපි අපෙන්ම අහන..."

: I Met You

මට මතක් වෙනවා රාධා ක්‍රිෂ්ණා ගෙ කතාව...රාධා ක්‍රිෂ්ණා දෙන්නට දෙන්නා ආදරේ කරාට ක්‍රිෂ්ණා බැන්දෙ රුක්මනිව... රාමායනයෙ හැටි...
29/05/2025

මට මතක් වෙනවා රාධා ක්‍රිෂ්ණා ගෙ කතාව...
රාධා ක්‍රිෂ්ණා දෙන්නට දෙන්නා ආදරේ කරාට ක්‍රිෂ්ණා බැන්දෙ රුක්මනිව...

රාමායනයෙ හැටියට රුක්මනි කියල තියෙනවා ක්‍රිෂ්ණට “මට ඔබේ බිරිද නොවී පෙම්වතිය වෙන්න තිබුනනම් ” කියලා 🥀

ඉතින් අයිතියට වඩා ප්‍රේමය බර වැඩී කියන්නෙ ඒකයි...🍂

: "මන් ඔයාට කොච්චරක් ආදරෙයි ද කියලා මන් දැනගත්ත දවසෙ ඉදන් ඔයා මට කොච්චර ආදරෙයි ද' කියන දේ මට වැදගත් වුනේ නෑ තරූ. එදා ඉදන...
28/05/2025

: "මන් ඔයාට කොච්චරක් ආදරෙයි ද කියලා මන් දැනගත්ත දවසෙ ඉදන් ඔයා මට කොච්චර ආදරෙයි ද' කියන දේ මට වැදගත් වුනේ නෑ තරූ.

එදා ඉදන් මට වැදගත් උනේ ඔයා ලස්සනට හිනාවෙලා ඉන්නවද, ඔයාගෙ හීන කොච්චර ලස්සනද කියන එක විතරයි. ඒ හීන වල මන් හිටියත් නැතත්. ඒ හිනාව මන් දැක්කත් නැතත්..." 🌱

: I Met You

: "මේ ලෝකෙ ලස්සනම හැඟීම ආදරේ වෙන්නෙ එහෙම ආදරයක් දැනුනොත් විතරයි තරූ. එහෙම ආදරයක් දවසක අහිමි වුනත් ඒ මතක පරිස්සම් කරන්න හ...
28/05/2025

: "මේ ලෝකෙ ලස්සනම හැඟීම ආදරේ වෙන්නෙ එහෙම ආදරයක් දැනුනොත් විතරයි තරූ. එහෙම ආදරයක් දවසක අහිමි වුනත් ඒ මතක පරිස්සම් කරන්න හිතෙන්නෙ ආදරේ කියන හැඟීම හරියටම දැනුන නම් විතරයි.

එහෙම නැති වුනොත් මිනිස්සු ආදරේ අවසානෙ වෛර කරනවා. අසරණ වෙනවා.

ඒත් එහෙම වෙන්න ඕනි නෑ ඒ හැඟීම ඇත්තටම දැනුනා නම්...!"

: I Met You

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when I Met You' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category