Yasodhara Deaf and Blind School, Balangoda - SPORT UNIT

Yasodhara Deaf and Blind School, Balangoda
- SPORT UNIT 🌲බළන්ගොඩ යසෝදරා අඳ බිහිරි විද්‍යාලයේ ක්‍රීඩා ඒකකය හා බැදුණු තොරතුරු 🌲

🌹ලෝක ළමා දිනය ආරම්භ වූයේ 1954 වසරේදී ය (එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1954 දී විශ්ව ළමා දිනය [Universal Children's D...
01/10/2026

🌹ලෝක ළමා දිනය ආරම්භ වූයේ 1954 වසරේදී ය (එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1954 දී විශ්ව ළමා දිනය [Universal Children's Day] ප්‍රකාශයට පත් කරන ලද අතර අද ⁣මේ තියෙන්නෙ ලෝකයේ 72 වෙනි ලෝක ළමා දින සැමරුම !

මේ බළන්ගොඩ යසෝදරා අඳ බිහිරි පාසලේ ළමුන් විදුහල්පතිතුමිය සමග ගුරු භවතුන් , දෙමාපියන් හා පාසලේ සියලු දෙනා එක්ව සතුටින් අද දින සහභාගී වූ සියලු දෙනා විසින් "ළමුන් උදෙසා" කළ ඒ කාර්යය.
🌹

"යහපත් ලොවක් තැනීමට නම්
ඒ ගමන් මාර්ගයේ යා යුතුයි "
- බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

Grade 3 students and teachers of the school who participated in all the events at today's primary athletics meet!🌹"පරාජය...
30/09/2026

Grade 3 students and teachers of the school who participated in all the events at today's primary athletics meet!🌹

"පරාජය හමුවේ නොසැලී සිටින ආකාරයත්, ජයග්‍රහණයේදී නිහතමානීව සතුටු වන ආකාරයත් මගේ දරුවාට උගන්වන්න."

— ඒබ්‍රහම් ලින්කන්

" තේ එකක් බොන්න   තැනක් නැති පාසලක   අධ්‍යාපනයක් තිබිය හැකිද?  ලෝක ළමා දිනයට   ළමුන්ට තෑග්ගක් "
29/09/2026

" තේ එකක් බොන්න
තැනක් නැති පාසලක
අධ්‍යාපනයක් තිබිය හැකිද?

ලෝක ළමා දිනයට
ළමුන්ට තෑග්ගක් "

🌍  පූදින ගොයම ,        සහ ඔලිම්පික් සංස්කෘතිය 🌎🌲සංකේතයක ගෞරවය සහ අපි එය සුරැකිය යුතු ආකාරය🌲ක්‍රීඩා උළෙලක දී දැල්වන ඔලිම්...
29/07/2026

🌍 පූදින ගොයම ,
සහ ඔලිම්පික් සංස්කෘතිය 🌎

🌲සංකේතයක ගෞරවය සහ අපි එය සුරැකිය යුතු ආකාරය🌲

ක්‍රීඩා උළෙලක දී දැල්වන ඔලිම්පික් පහන කියල කියන්නෙ නිකම්ම නිකම් උන බම්බුවක හෝ ලාඩප්ප ලීයක රෙදි ඔතා ගත් පන්දමකින් දැල්වෙන ගින්නක් නෙමෙයි.

ඒක මානව සංහතියේ, උසස් ප්‍රඥාවේ, සාමයේ සහ ක්‍රීඩාශීලීත්වයේ පූජනීය සංකේතයක්.

ඒත් අවාසනාවකට වගේ වර්තමානයේ ඇතැම් සංවිධායකයින් නිවැරදි විෂයානුබද්ධ දැනුමකින් හෝ ඓතිහාසික පසුබිම ගැන කිසිම අවබෝධයකින් තොරව, මේ පූජනීය චාරිත්‍රය නර්ථනයන් එකතු කරල "විගඩගමක්" විදියට ක්‍රීඩාවට අපහාසාත්මක විදියට කරන ආකාරය සමහර අවස්තාවල අපිට පණ තියෙද්දි දකින්න ලැබෙනව.

ඔලිම්පික් පහනේ සැබෑ ඓතිහාසික උරුමය
පුරාණ ග්‍රීක සංස්කෘතියට අනුව අපි ඒක පාසල් වල සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේදී, ක්‍රීඩා කඳවුරු වලදි උගන්වනව.

ඔලිම්පික් පහන දැල්වීම පිටුපස විශාල පූජනීය සහ සංකේතාත්මක පසුබිමක් තියෙනව. මේ කාරණ සමහරක් මිනිස්සු නොදන්නා නිසා මොවුන් ක්‍රීඩාවට අදාල මේ සංස්කෘතික දේ කරන්න ගිහාම සංස්කෘතික වගේම ක්‍රීඩාවත් විනාශ කරනව.

ඔලිම්පික් පහන නිල වශයෙන් පත්තු කරන්නෙ හේරා කියන දෙවඟනගේ දේවාලය ළගදි. ඒ කිසිම කෘත්‍රිම උපකරණයක් එකතු කරගෙන නෙමෙයි.

දේව විස්වාසයට අනුව ඇත්තටම ඇතීනා දෙවඟනට කරන ගෞරවයක් තමයි මේ කරන්නෙ.එතකොට මේක ඇතීන⁣ගෙ වෙඩින් එකවත් හෝම් කමින් එකවත් නෙමෙයි. ඇතීනා දෙවඟන ඇත්තටම මෙතනට එන්නෙ නෑ. ඇතීනගෙ ඩමියක්වත් එන්නෙ නෑ.ගන්නෙත් නෑ.

මෙතන ඉන්නෙ ඇතීනා වෙනුවෙන් පූජා පවත්වන "පූජකවරියක්." ඒ පූජකවරියගේ සංඛේතය තමයි සුදු පැහැයට හුරු ඇදුමින් සැරසිලා ඉන්නෙ.ඒ පූජකවරිය සිංහල හෝ උඩරට හෝ බටහිර සංස්කෘතියක මනාලියක් නෙමෙයි.

මේ පත්තු කරන පන්දම ක්‍රීඩකයන් අතින් මාරුවෙන් මාරුවට ක්‍රීඩා පිටිය වටේ දුවමින් අතින් අතට මාරු කරමින් පෙන්වන්නෙ සාමය සහ සහෝදරත්වය.

අපේ තැප්‍රොබේනයේ සමහර උත්සවවලදී මේක, නොදන්නා පිරිස් මේ ක්‍රීඩාව මේ සංස්කෘතික ලක්ෂණ නැතිව, දේශීය නර්තන හැඩ එකතු කරල
ඒකෙ ඓතිහාසික වටිනාකම විනාස කරනව. එහෙම කරාට පස්සෙ මේ ක්‍රීඩා හා බැදුණු සංස්කෘතික ලක්ෂණ නොදන්නා ,තව ටිකක් වැඩියෙන් අර සංස්කෘතික විනාශ කරනව. මිනිස්සු හිතන්නෙ ඇතීනා එනව කියල.

🤝ඉගෙන ගැනුමට🤝

මේ ක්‍රීඩාව හා ඒකෙ තියෙන සංස්කෘතික ලක්ෂණ නැති කරන්න එපා.

ඇතීනට මල් කුමාරියො නෑ.
දෙවඟනකට හිටියෙ පූජා පවත්වන සහ සහාය පූජකවරියන්. ඔවුන් සාරි අල්ලගෙන,එල්ලගෙන ගියෙ නෑ.එහෙම සංස්කෘතිකයක් නෑ.

ක්‍රීඩාවේ ගෞරවය රැකීම

දේශීය සංස්කෘතියක මංගල ඇදුම,
ඔලිම්පික් සම්ප්‍රදායේ පහන දල්වන සංස්කෘතික අංගයක එකතුවක් හෝ මිශ්‍රණයක් නොවේ.
ක්‍රීඩාව හා ඒ හා බැඳිල තියෙන සංස්කෘතික දේ විනාශ නොකරමු.

නිවැරදි සම්ප්‍රදාය නොදන්නෙ නම් සරලව පන්දම් ගමනකින් පමණක් උත්සවය ආරම්භ කිරීම නොදන්නාකම ඉස්මතු නොකිරීමට වඩා හොදයි.

🌲සංස්කෘතියක් හෝ සංස්කෘතික අංගයක් නිරූපණය කරනව නම්,
එහි ඇති ගෞරවය රැකෙන ලෙස කිරීම ඒ විෂයට කරන ගෞරවයකි. 🌲

ක්‍රීඩාවේ ගෞරවය රැකීම තමන්ගෙ විෂයපථ වල ගෞරවණීය ජයග්‍රහණ වලට හේතුවක් වෙනව.

ක්‍රීඩාව යනු විකාරයක් නොවේ.
විනය ඇතිකරවන තැනකි.නොදන්නෙ යම් දෙයක්ද ඒ සිදු කිරීම උචිත නොවේ.

ක්‍රීඩා සංකේතවලට ගෞරව කිරීමද
එම ඇතිකරවන විනයේම කොටසක් බව අප මතක තබා ගත යුතුවේ.ක්‍රීඩාව හා ඒ හා බැදුණු සංස්කෘතිය විනාශ නොකරමු.
නොදන්නා දේ නොකිරීම බුද්ධිගා්චර වේ. නොදන්නා දේ,අප පළමුව අධ්‍යයනය කළ යුතුවේ.පසුව එය නව්‍ය ආකාරයකට සිදු කිරීම ,දැනුමෙ,හැකියාවේ තරමට අනුව එය නිර්මාණශීලී විය හැක.

ක්‍රීඩා සම්බන්ධ විෂය භාර ගුරුවරුන්ගේ සහ තාක්ෂණික උපදෙස් මත පමණක් මේ වගේ ක්‍රීඩා උත්සව අංග සංවිධානය කරන්න නුවණ ඇති අයගේ වගකීමක්.

නව සංස්කෘතිකක් ගොඩ නැගීමට අවශ්‍ය නම් ඔබ ඒ මාර්ගයේ යමින් එහි නව්‍යතා හඳුණාගත යුතු වෙයි.
එතෙක් තිබෙන සංස්කෘතිය රැක ගනිමු.💐

🌲🌲​"ඔලිම්පික් උළෙල යනු
හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොවේ,
එය ඉහළ ආත්මීය ගෞරවයක්,
සංස්කෘතියක් සහ අභිමානයක්
පූර්වාදර්ශ කරගත්
ජාත්‍යන්තර උත්සවයකි."🌲🌲

— පියරේ ද කුබර්ටින්
(නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පියා)

සටහන,
නලින් ජයසේකර.

"මිනිසුන්ව පාලනය කිරීමට අවශ්‍ය නම්, ඔවුන් අතර ඇති එකමුතුකම බිඳ දමන්න. එකෙකුට හිමි යුතුකම තවෙකෙකුට පවරන්න. එවිට ඔවුන් පාල...
26/07/2026

"මිනිසුන්ව පාලනය කිරීමට අවශ්‍ය නම්, ඔවුන් අතර ඇති එකමුතුකම බිඳ දමන්න.
එකෙකුට හිමි යුතුකම තවෙකෙකුට පවරන්න.

එවිට ඔවුන් පාලකයා දෙස බලන්නේ නැත; ඔවුන් එකිනෙකාගේ ගෙල මිරිකා ගැනීමට පටන් ගනී."

- බ්‍රෙෂ්ට් නොකී කවි

"මනකල් හද  විල් තලයෙහි  පිපි නිවහල් මල්"
25/07/2026

"මනකල් හද විල් තලයෙහි
පිපි නිවහල් මල්"

"5 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය "විද්‍යාලෝක විද්‍යාලයේ.
25/07/2026

"5 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය "
විද්‍යාලෝක විද්‍යාලයේ.

"*ඈත දෙසම බලව්"**පිටියක තබන පා සටහන් ඉතිරි වේද තවත් දින තුන්සිය පනස් අටකට පසුවත් ..!*සමචතුරස්‍රයෙන් ත්‍රිකෝණයට පා තබන්නණ...
23/07/2026

"*ඈත දෙසම බලව්"*

*පිටියක තබන පා සටහන් ඉතිරි වේද තවත් දින තුන්සිය පනස් අටකට පසුවත් ..!*

සමචතුරස්‍රයෙන් ත්‍රිකෝණයට පා තබන්නණි,
තොපි දොර අගුළු දමා ගනිව්
කෙළෙසන ගුරු භූමිකාව රැකගෙන..

පිටියට පා තියන්නට
කෝණයෙන් මිදී
එන තොපට ඇති හදිසිය මෙතරම්ද?
ඔය ​අණ වැළලී හෙට නිහඬ වනු ඇත.

පර කඩුවෙන් සටන් කළ ඔබට
ඉතිරි වන්නේ කුමක්ද?
​පිටිය දහඩිය සුවඳටම මිස,
ගණකාභයේ පැති සෙවණැලි දිගට නොවේ.

නැගිටිව්! මෙය
ආරම්භයක් නොවේ
දින තුන්සිය පනස් අටකට පසුව එන
සෘතුවට වඩා,
ඈත බලව් පනෙන මානයට එහා..!
- බ්‍රෙෂ්ට් නොකී කවි

"​⁣බොරු ප්‍රශ්න පත්‍තරයට ඇත්ත උත්තර""ඔවුන්ට ඒ අත්දැකීම ඕනෑ නැත,ඔවුන් සිටින්නේ අපට වඩා වෙනස් ලෝකයක" උඹල හදනවා උස තාප්ප,උඹ...
23/07/2026

"​⁣බොරු ප්‍රශ්න පත්‍තරයට ඇත්ත උත්තර"
"ඔවුන්ට ඒ අත්දැකීම ඕනෑ නැත,
ඔවුන් සිටින්නේ අපට වඩා වෙනස් ලෝකයක"

උඹල හදනවා උස තාප්ප,
උඹල මනිනවා කුඩා අඩි කෝදුවලින්
විශාල අහසක් දෙස බලන ළමයින්,

පෙනෙන්නේ නැති ළමයින්ට
උඹලා අඳුරේම ලියූ හිස් කොළ බෙදනව

උඹලා බය වෙලා ඉන්නෙ මොකටද?
උන්ටත් ඒ එකම පොත දුන්නොත්
උන් ඔබේ බොරු ප්‍රශ්න පත්‍රවලට
ඇත්ත උත්තර ලියයි කියාද?

​ලෝකය බෙදා වෙන්කරන තොපි,
අඳ බව තියෙන්නේ දරුවන්ගේ ඇස්වල නොවේ,
ඔවුන්ගේ අනාගතය අඳුරේ තබන
උඹලාගෙ සංවේදී නැති හදවත් තුළයි.!

- බ්‍රෙෂ්ට් නොකී කවි.

23/07/2026

Address

Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when Yasodhara Deaf and Blind School, Balangoda - SPORT UNIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category